‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරා නම් අද මොකද කරන්නේ ?‘‘ - මහින්ද


අද දින පැවති පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ මෙරට ප්‍රශ්න මෙරටට අනන්‍ය ක්‍රමවේදයට විසඳාගත යුතු බවත් ත්‍රස්ත මර්දන පනත අහෝසි කළේ නම් අද කුමක් සිදුකරන්නේද ? යන්නයි.  

‘‘2015 ජනවාරි 8 වැනිදා මං ජනපතිතුමාට භාරදුනේ සම්පූර්ණයෙන්ම සාමකාමී ආණ්ඩුවක්. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ මේ ආණ්ඩුවයි. අඩු තරමේ ඒ පල්ලියේ ප්‍රධානීන්ට දැනුම් දුන්නද ?

මේ ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳන් මේ ආණ්ඩුව කරේ මොකක්ද ?.  බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කරපු එකයි. කී සැරයක් හිටපු නාවික හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරාද ?. 

මේ ආණ්ඩුව දැන් තේරුම්ගන්න ඕන විදේශ රටවල විදියට මේ රට පාලනය කරන්න බැහැ කියලා. අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ඕන අපිමයි. ත්‍රස්ත මර්දන පනත අහෝසි කරා නම් අද මොනවද කරන්නේ ?..‘ යන්නයි.