‘‘මේ ප්‍රහාරයේ වගකීම් මුජිබර් රහුමාන් බාරගත යුතුයි‘‘ - විජේදාස


දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ

"මම 2016 නොවැම්බර් මස 18 දා කිව්වා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පවුල් හතරක 32ක් ISIS සංවිධානයේ පුහුණුව ලබා ඇති බව කිව්වා. ආණ්ඩුවේ අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ප්‍රතික්ෂේප කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා සාප කළා. දැන් මේ ප්‍රහාරයේ වගකීම අමාත්‍යවරුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් භාර ගත යුතුයි. "