''බෝම්බ ප්‍රහාරයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සම්බන්ධයි‘‘ - රොහාන් ගුණරත්න


පසුගියදා මෙරට පල්ලි හා හෝටල් කීපයක් ඉලක්ක කරගනිමින් සිදුවූ ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය (IS) හා එහි මෙරට පිහිටි ශාඛාවක  මෙහෙයවීමෙන් සිදුවූවක් බවට ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සැක පළකරයි. 

මෙම IS ජාලයට ඉන්දියාවේ, මාලදිවයිනේ මෙන්ම මෙරට ද සබඳතා පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

අද (23) ඩේලි මිරර් පුවත්පතට පී.කේ. බාලචන්ද්‍රන් රචනා කර ඇති Blasts carried out by ISIS with local connection - Dr. Rohan Gunaratna ලිපියේ මේ ගැන වැඩිදුර විස්තර සටහන් කර ඇත. 

මෙරටේ මුස්ලිම් හා ක්‍රිස්තියාන ප්‍රජාව අතර ගැටුමක් නොපවතින පසුබිමක මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමේ සැලැස්ම වී තිබෙන්නේ මුස්ලිම් අන්තවාදී ව්‍යාපාරය රැඩිකල්කරණය කිරීම බව ඔහුගේ අදහසයි.