වධහිංසාවට ලක්වූ කැනේඩියානු ජාතිකයෙකු ගෝඨාභයට එරෙහිව චෝදනා ගොනු කරයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටිනැන්යි දන්වා එරට බලධාරීන් ඊයේ (7) දින සිතාසි බාරදී ඇත. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ගොනුකර තිබූ පෙත්සමකට අනුව මෙම සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ.  

එමෙන්ම, මෙරටදී වධහිංසාවට ලක්ව ජිවිතය ගලවාගත් දමිළ ජාතිකයෙකු වන රෝයි සමතානම් සම්බන්ධයෙන් ITJP හා  ඇමරිකා එක්සත් ජනපදයේ නීති සමාගමක් වන Hausfeld කැලිෆෝනියා උසාවියේ සිවිල් නඩුවක් පවරා ඇත. කැනේඩියානු ජාතිකයෙකු වන රෝයි 2009 සැප්තැම්බර් මසදී කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබාගෙන සිටි බවත් එහිදී ඔහු කායික හා මානසික වධහිංසාවට ලක්වූ බවත් මේ සිද්ධිය පිළිබඳ ITJP නිකුත් කළ නිවේදනයේ දක්වා තිබේ. එමෙන්ම, ඔහුට  ව්‍යාජ පාපොච්චාරණයකට අත්සන් කරන ලෙස 2010 දී බලකර ඇත.  

රෝයි

ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුකළ නඩුවෙන් 2006 දී ජයග්‍රහණය කළ ද ලංකාව මෙයට එකඟවීමට අසමත් වී තිබේ. 

‘‘වධහිංසාවට ලක්වූ අනෙක් අය ද මීට එක්වෙනු ඇති බව අපේ විශ්වාසයයි‘‘ යනුවෙන් මේ ගැන අදහස් දක්වන ITJP හි විධායක අධ්‍යක්ෂ, යස්මින් සූකා පවසයි.