මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විවෘත කෙරේ


මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීම අද (08) මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දුම්රිය ස්ථානයේ දී විවෘත කෙරිණි.

අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම මාර්ගයේ මංගල මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරමින් බෙලිඅත්ත දක්වා ඇති සියලු ම දුම්රිය ස්ථානය විවෘත කිරීම සිදු කළහ.



කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු අදියර ලෙස විවෘත කෙරුණු මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස කිලෝමීටර් 26කින් සමන්විත අතර ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් එම මාර්ගයේ පිහිටා තිබේ.