‘‘මාධ්‍ය සම්මාන උළෙලේදී කර්තෘවරුන්ට නිසි ආසන නොලැබීම ගැන පරීක්ෂණයක් පවත්වනවා‘‘ - රුවන්



අද (10) සවස පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර මෙයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසිපරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

උළෙලේදී අදහස් දැක්වූ ජනපතිතුමා ද ඒ ගැන සිය කණගාටුව පළකර සිටියේය. 

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කර්තෘවරුන්ට සහ ජනමාධ්‍ය වේදීන්ටත්  ආරාධනා කර තිබු නමුත් , ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි  ආසන වෙන්කර  නොතැබිණි.

සංවිධායක කමිටුව එහි  වගකීම ගත යුතු  බවද එවැන්නක් සිදුනොවීම පිළිබඳව සොයා බලන බවද රුවන් විජයවර්ධන පැවැසීය. පුවත්පත් කර්තෘවරුන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව තමා කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා කීය.





සබැඳි පුවත්