එ.ජා.ප. මැයි රැළිය අවලංගු කෙරේ


එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ බව අද (22) දහවල් මාධ්‍ය හමුවේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය. 

දිවයිනේ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්තවය අනුව එම පක්ෂය මෙම තීරණය ගෙන ඇත.

එසේම පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.