Home feature නව අගවිනිසුරුවරයා හා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ
නව අගවිනිසුරුවරයා හා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ
නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලදී.
ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර තිබේ.
මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න, නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.
එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පත් කර තිබේ.
අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්හ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment