‘‘ලංකාවේ බෝම්බ ප්‍රහාරය කිසිදු බුද්ධි තොරතුරක් අප සතුව තිබුණේ නැහැ‘‘ - ජසින්ඩා


පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නවසීලන්ත රජය කිසිදු බුද්ධි තොරතුරක් ගැන දැනුවත්ව නොසිටි බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ගේ ප්‍රකාශකයෙකු ඊමේල් පණිවිඩයක් මගින් ඊයේ (23) දින ප්‍රකාශ කර ඇත. 


කෙසේ වුවත්, ඊයේ මෙරට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසුවේ, මෙරටට එල්ලවූ  ප්‍රහාරය පසුගියදා නවසීලන්තයට එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් විසින් සිදුකර ඇති බවයි.