‘‘ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලය පාලනය කරන තාක් කල් මේ සිස්ටම් එක කඩන්න බැහැ‘‘ - මොහාන් ද සිල්වා


මෙරට විශ්වවිද්‍යාල තුළ තවදුරටත් නවකවදය ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවට ලිංගික හිංසන සිදුවන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ඊයේ (19) දින සිරස ටී.වී. ‘මායිම‘ වැඩසටහනට එක්වෙමින් පවසා තිබේ. 

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලය පාලනය කරන තාක් කල් මේ ලිංගික හිංසනයන් දිගින් දිගටම සිදුවනු ඇති බවත් ඊට එරෙහිව හඬ නගන නිහඬ බහුතරයක අවශ්‍යතාව මතුව ඇති බවත්ය. 

‘‘සොඳුරු නවකවදයක් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පාලනය කෙරෙන විශ්වවිද්‍යාල 15 ත්, උසස්  අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය කෙරෙන අනික් විශ්වවිද්‍යාල 4 ත් කිසිම තැනක ඒ සොඳුරු නවකවදය නැහැ. දැන් තියෙන්නේ භයානක පරිමාණයේ හිංසනයක් හා ලිංගික අඩන්තේට්ටම්...‘‘

පවතින තත්ත්වය වෙනස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගැන අවධාරණය කරමින්. 

‘‘2015 ඉඳන් අද වෙනකන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඇන්ටි රැගින් සෙන්ටර් කියලා වෙනම සෙන්ටර් එකක් ඕපන් කරා. Gender Equity / Equality Sexual and Gender Based Violence and Ragging, සීනියර් ප්‍රොපෙසර් කෙනෙක් ඇපොයින්ට් කරා  ඒකේ ඉන්චාර්ජ් හැටියට, ඒකෙන් පැය විසිහතරේ හොට් ලයින් එකක් දාලා තියෙනවා 001- 21 23 700 කියන නොම්බරේට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රෑ 2 ට කෝල් දෙන්න පුළුවන්. ඒ දත්ත එකතු කරලා වෙනම තියෙනවා ස්ටෑන්ඩින් කමිටි එක විශ්වවිද්‍යාලේ කට්ටියත් ඒකට එනවා. අපි ඒ දත්ත එකතු කරලා යුනෙස්කෝ එකත් එක්ක එකතුවෙලා රිසර්ච් එකක් කරා, රැගින් කොහොමද යන්නේ කියලා. ඒ ඔක්කොම දත්ත අපි ළඟ තියෙනවා. ඒ ක්‍රමවේදය UGC එකෙන් කරා. 

නමුත්, අපිට ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙමෙයි. අපි ඔක්කොම දත්ත විශ්වවිද්‍යාලෙට දුන්නට පොලීසියට අවශ්‍ය දත්ත දෙන්න ඕන කවුද ?. විශ්වවිද්‍යාලය තුළින්. විශ්වවිද්‍යාලය තුළින් ඒක දෙන්නේ නැත්නම්, 
ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලය පාලනය කරන තාක් කල් මේ සිස්ටම් එක කඩන්න බැහැ. ඒක නිසා නිහඬ බහුතරයක් මේකට පෙළගැසිලා ඉදිරියට එන්න ඕන.‘‘ 







  ඡායාරූප හා වීඩියෝව - නිවුස් ෆස්ට් වෙතින්