ජාතික සිනමා දිනය හෙටයි



ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වන ජන්ම දිනය නිමිත්තෙන් හෙට (5) ජාතික සිනමා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 

මේ අනුව සෑම වසරකම අප්‍රේල් 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර පළමු ජාතික සිනමා දින සැමරුම හෙට පෙරවරුවේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.