වධහිංසාව ගැන හොයන්න එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට දිවයිනට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසාව වැළැක්වීම පිළිබඳ උපකමිටුට හෙට (2) සිට අප්‍රේල් 2 සිට 12 වැනිදා දක්වා මෙරට තුළ සංචාරයක් දියත් කිරීමට නියමිතය.

මේ සංචාරය අතරතුරදී මෙරට තුළ වධ හිංසාව හා හිංසනය වැළැක්වීමට ගෙන ඇති ආරක්ෂණ පියවර, පුද්ගල නිදහස සුරක්ෂිත කර ඇති අන්දම ගැන මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් වනු ඇත. මානව  හිමිකම් කොමිසම හා සිවිල් සංවිධාන වලින් ද අදහස් ලබාගැනීමට නියමිතය. 


‘‘වධ හිංසාව වැළැක්වීමට ලංකාව ගෙන ඇති පියවර හා ඒ සම්බන්ධයෙන් ලංකාව ඉදිරියේදී ක්‍රියාකළයුතු ආකාරය මෙන්ම නිදහස අහිමි වූ ජනතාවට සිදුවන හිංසන වැළැක්වීම සම්බන්ධයෙන් මේ සංචාරය අතරතුරදී  අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා‘‘ යනුවෙන් මේ කණ්ඩායමට නායකත්වය දෙන වික්ටර් සහාරියා පැවසුවේය.


මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ‘‘ගිවිසුම්ගතව තිබෙන කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට බලධාරීන්ට උපදෙස් ලබාදීම මෙන්ම රැඳවුම් ස්ථාන නැරඹීමට ස්වාධීන ආයතනයක් ස්ථාපිත කළ හැකි අන්දම‘‘ ද මේ අතරට ඇතුළත් බවයි.

වික්ටර් සහාරියා, සත්‍යභූෂන් ගුප්ත්, පෙට්‍රෝස් මයිකලිඩාස් හා ජූන් ලොපේස් මේ කණ්ඩායමට ඇතුළත්ය.