සයින්මරදු සිද්ධියෙන් කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට - සෙබළුන්ට ජීවිත හානි නෑ


සයින්මරදු ප්‍රදේශයේ පිපිරීම් සිදු වූ ස්ථානයේ තිබී මේ අවස්ථාව වනවිට මෘත ශරීර 15ක් සොයා ගැනීමට හැකිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැක කෙරෙන මෘත ශරීර තුනක් ප්‍රහාරය එල්ල වූ නිවස තුළ තිබී හමු වී ඇත. එම නිවස තුළ කාන්තා මළ සිරුරු 3ක් සහ කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී ඇත.

නිවස ආසන්නයේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරු තුනක් පොලීසියට හමු වී ඇත.

තවද නිවස තුළ ඒ අවස්ථාවේ සිටි බරපතල තුවාල ලබා සිටි කාන්තාවක් හා දරුවෙකු පොලීසිය විසින් රෝහල් ගත කර ඇත.

මේ වනවිටත් ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.




ඡායාරූපය - සී.එන්.එන්. වෙබ් අඩවියෙනි