පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කාන්තාවන් හා දෙමාපියන් අහිමි දරුවන්ට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් හා ළමුන් ඇතුළු විශාල ප්‍රමාණයක් මිය යාමට හා තුවාල විමට ලක් විය. එකී තත්ත්වය යටතේ ළමුන්ට හා කාන්තාවන්ට බලපෑ ඇත්තේ ඔවුන්ගේ ජිවිත අහිමි විම පමණක් නොව, විශාල වශයෙන් මානසික පිඩනයකට ද ලක් ව තිබිමයි.පෞද්ගලිකව තමන්ට සිදු වු හානියට අමතරව තම ඥාතින්ට හා හිතවතුන්ට ද සිදු වු අහිමිවිම් නිසා ද මොවුන් තවදුරටත් මානසික පීඩාවට පත්ව තිබේ.ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා සාමාන්‍ය ජිවිත කටයුතු,පාසල් යාම,පෙර පාසල් යාම, විනෝදාස්වාදය හා අනෙකුන් සබදතා අඩාල වි තිබේ.
මෙම කරුණු සැලකිල්ලට ගෙන කාන්තාවන්ගේ හා ළමුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශය අනුබද්ධ ගම්පහ,මඩකළපුව දිස්ත්‍රික් දෙකේ මෙය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
මෙම ආපදාවේ බලපැමට හසු වු කාන්තාවන් හා ළමුන් නිශ්චිතව හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් හා ඊට සමගාමිව අවශ්‍ය උපදේශන සහන සේවාවන් සැපයිමට ඉදිරියේ දි කටයුතු කරන බවත්,මෙම සත්කාරයට ඕනෑම ආයතනයකට,සංවිධානයකට,පුද්ගලයින්ට සම්බන්ධ විය හැකි බවයි.මේ පිළිබඳව ඉදිරි දිනක දි අගරදගුරු මැල්කම් කාසිනල් රංජිත් හිමිපාණන් හමුවිමට ද නියමිතය.
Post a Comment