ස්ත්‍රී පුරුෂ වඳබාවය ඇතිකරන 5G - කියන තරම් සැපද?

ලාංකිකයින් පරීක්ෂණ සඳහා හොඳම මීයන් බවට පත්කළ අලුත්ම සෙල්ලම 


කතු වැකිය 

ප්‍රධාන පෙළේ දුරකථන සමගම් දෙකක් වන ඩයලොග් සහ මොබිටෙල් විසින්, චීනයේ හුවාවෙයි සමාගම සමග තම එකගේ කෑම සනිටුහන් කරමින් මෙරට ජංගම දුරකථන සේවාවේ මීළඟ පියවර තම ග්‍රාහකයින් වෙත හඳුන්වා දී තිබේ. එය 5G හෙවත් පස්වන පරම්පරාව ( ෆයිව් ජෙනරේෂන් ) ලෙස නම් කොට ඇත. තෙවැනි සහ සිව්වැනි පරම්පරා ලෙස මේ වන විට භාවිතා වන ජංගම දුරකථන සේවාව තවත් කෙටි කාලයකින් 5G ලෙස වෙනස් වනු ඇත. එහිදී සිදුවන්නේ 3G හෝ 4G වෙනුවට 5G ආදේශ වීම නොවේ. 5G නමින් නව ස්ථරයක් බිහිවීමය. 

මෙය බරපතළ තත්වයකි. ලෝකයේ පහළ වන ඕනෑම කුණු ගොඩක්, කුමන හෝ සමාගමින් ලබා දෙන මූල්‍යමය වාසිය තකා එය මෙරට ජනතාව මත පටවා මුදල් ඉපැයීම, මෙරට දුරකථන සමාගම් පමණක් නොව බොහෝ " ව්‍යාපාරිකයින්" විසින් සිදු කරනු ලබන අකටයුත්තකි. 5G වාහකයා මෙහි අලුත්ම වෛරසය ලෙස අපි කියන්නෙමු. මෙම සමාගම් වල සේවය කරන ප්‍රතිපත්ති තීරණ ගන්නා මහත්වරුන්ට මුදල් මිස වෙන කිසිවක් වැදගත් නැත. මුන් මනුෂ්‍යයින් නොවේ. මුන්, රටේ අවාසනාවට පහළ වූ මිනිස් වෙස්ගත් අමුතුම පන්නයේ ප්‍රාණයක් ඇති ජීවී කොට්ඨාශයකි. 

මෙවැනි තාක්ෂණික මෙවළම් රටේ ජනතාවගේ සෞඛ්‍යට සහ රටේ ජාතික ආරක්ෂාවට කළ හැකි බලපෑම ගැන  සලකා බැලීමට මුන් කිසිවෙකුට වුමණාවක් නැත. මේ නිසා විශාල ජයක් ලැබුවා සේ, " දකුණු ආසියාවේ පළමු 5G  ලංකාවේ" යැයි අඬ බෙර ගසමින් රටේ ජනතාව මුලාවේ හෙලා ඔවුහු රෝගීන් සහ අනාරක්ෂිත සත්ව කොට්ඨාශයක් බවට පත් කරමින් සිටිති. 

ලෝකයේ කොතැනක හෝ කොණක හඳුන්වා දෙන ඕනෑම කුණු ගොඩක්, එහි මතුපිට තලය බලා සහ ඉන් රටේ ඉතාම කිහිප දෙනෙකුට ලැබෙන මූල්‍යමය වාසිය තකා රටේ ජනතාවගේ හිස් ගෙඩි මත තැබීම පුරුද්දක් බවට පත් වී තිබේ. මීට උඩගෙඩි දීමට හතු පිපෙන්නා සේ බිහි වී ඇති මාධ්‍යය ආයතන සැදී පැහැදී සිටිති.  ඔවුහුට අවශ්‍යය මූල්‍යමය වාසිය ලැබෙන්නේ නම්, ඕනෑම වෙළෙන්දෙකුගේ අසූචි ගොඩකට හෝ අවශ්‍යය ප්‍රචාරය ලබා දීමට ඔවුහු සැදී පැහැදී සිටිති. 

5G  හඳුන්වාදීම ගැන උජාරුවෙන් කතා කළ රටේ ඩිජිටල් කටයුතු භාරව සිටින තරුණ ඇමතිවරයා රටට සෞභාග්‍යය උදා වූවා සේ කතා කරනු ලැබීය. 5G  සම්බන්ධයෙන් ලෝකයේ සිදුවන විශාල සංවාදය ගැන ශතයකට මායිම් නොකළ ඇමතිවරයා සහ ඔහුගේ උපදේශකයින් මෙම සමාගම් වලට රටේ මිනිසුන්ගේ මොළ ගෙඩි ශෝධනය කොට ඔවුහු රෝගීන් කිරීමට අවශ්‍යය දේශපාලන අධිකාරිය ලබා දී තිබේ. මෙය සැබවින්ම අවාසනාවකි. 

5G  හඳුන්වාදීම ගැන අදාළ හුවාවෙයි සමාගම ලෝකය පුරා සිදු කළ ප්‍රචාරණ ව්‍යාපෘතිය අතිශය අසාර්ථක විය. එසේම හුවාවේයි සමාගම, චීන ආණ්ඩුවට අවශ්‍යය ඔත්තු ලබා ගැනීම සඳහා ලෝකය පුරා ක්‍රියාත්මක වන තාක්ෂණික කටයුතු සමාගමක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබති.  

5G, මිනිසුන්ගේ සෞඛ්‍ය ගැන සහ තම රටවල ජාතික ආරක්ෂාව ගැන සිතා කරයුතු කරන බොහෝ රාජ්‍යයන් තවමත් ඉතාම ප්‍රවේශමෙන් පරික්ෂා කරනු ලබන කාරණයකි. මේ නිසා එම රටවල වෙළඳපොළ, හුවාවෙයි සමාගමට ඇතුළුවීම සඳහා අවසර ලබා ආදී නැත. නමුත් මෙරට දුරකතන සාමාගම්, ඉතාම ආඩම්බරයෙන් මෙය වැළඳගෙන, රට සහ ජනතාව යළිත් බිල්ලට දී ඇත. 

අනතර්ජාලයේ සැරිසැරීමට අවශ්‍යය දත්ත වෙළඳාම ඉතාම කූඨ ව්‍යාපාරයක් වී ඇති මෙවැනි රටක, මෙම සමාගම් ඉදිරි මාස කිහිපය තුළදී මෙම හුවාවෙයි විසින් හඳුන්වා දෙන 5G  ගැන පුරසාරම් දෙඩීම  සඳහා රටේ සියලුම මාධ්‍යයන් කුලියට ගනු ඇත. 

සත්‍ය වශයෙන්ම හුවාවෙයි විසින් හඳුන්වා දෙන 5G  තාක්ෂණය බරපතළ විවාදයට තුඩු දී ඇති හෙයින් මෙය මෙරටට හඳුන්වා දීමට පෙර ඊට සම්බන්ධ සියලුම කාරණා ගැන ඉතාම සැලකිලිමත් විය යුතුව තිබුණි. මන්ද, මෙය මේ වන විටත් රටවල් කිහිපයක තහනම් කොට තිබේ. නවසීලන්තය ඉන් ප්‍රධාන රටකි. එසේම  යුරෝපා සංවිධනයට අයත් රටවල්, කැනඩාව, ඊශ්‍රායලය අදාළ තාක්ෂණය තම රටේ පුරවැසියන්ට හඳුන්වා දීම ගැන තාමත් තීන්දුවක් ගෙන නැත. 

5G  යනු 4G  මෙන් සියගුණයක් වේගවත් සන්න්වේදන සංඥා හුවමාරු කිරීමට හැකි විද්‍යුත්චුම්බක තරංග දාමයකි. 4G  වලින් සිදුකළ බලපෑමට වඩා සිය ගුණයක බලපෑමක් 5G තාක්ෂණයට කළ හැකිය. හුවාවේයි සමාගමට චෝදනාව නැගෙනුයේ මෙය භාවිතා කරමින් තමන්ට අවශ්‍යය රටවල් වල සහ පුද්ගලයින්ගේ දත්ත ඒකරාශී කිරීම සහ චීන ඔත්තු සේවාවලට අවශ්‍යය දත්ත ඉතාම කඩිනමින් ලබාදීම සම්බන්ධයෙනි. වෙළඳපොල රැකගැනීම සඳහා අදාළ සමාගම එය ප්‍රතික්ෂේප කොට ඇත. නමුත්, ඔවුහුට එරෙහිව දිගින් දිගටම ඇඟිල්ල දිගුවේ. 

5G  තාකෂණය හඳුන්වා දුන් පසු ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිටින විද්‍යාඥයින් රාශියක් එහි ඇති බරපතළ අවධානම ගැන හෙළිදරව් කරනු ලැබුහ. රටවල් 40 කට අයත් විද්‍යාඥයින් 230 දෙනෙකු මීට වසර දෙකකට පෙර, මෙම තාක්ෂණයේ අහිතකර අවදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලබුවේ 5G  මානව සංහතිය පමණක් නොව සමස්ථ ජීවයම රෝගීන් බවට පත් කරනු ඇති බවයි. විශේෂයෙන්, 5G  තාක්ෂණය ඔස්සේ නිකුත් කෙරෙන රේඩියෝ තරංග වලින්, මනාව ස්නායු පද්ධතියට හානි කිරීම,  හෝර්මෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීම, DNA  ශෛල වලට බලපෑම් කිරීම, පිළිකා වලට හේතු වීම සහ ස්ත්‍රී -පුරුෂ වන්දභාවය ඇතිකිරීම ආදී බරපතළ සෞඛ්‍ය ගැටලු රාශියක් ඇතිවන බව පෙන්වා දී තිබේ. මීට අදාල පරීක්ෂණ කියවීමට මෙතනින් පිවිසෙන්න. ( 01 ) ( 02

ඕනෑම කුණු ගොඩක් රටට හෙළන නූගතුන් පිරිසකගෙන් සමස්ථ රටම පරිපාලනය වේ. මොවුහුට මුදල් සහ අනෙකුත් කාමුක සැප වලට අමතරව කිසිඳු කැක්කුමක් රට හෝ රටේ ජනතාව ගැන නැත. අපේ ජීවිත සහ අපෙන් පසු බිහිවන් පරම්පරාවේ ජීවිත සමාන මුන් සිදුකරන සෙල්ලම මෙයයි. මොවුහු, ලංකාවේ මිනිසුන් යනු පර්යේෂණාගාර වල සිටින මීයන් සේ සලකති.

මෙවැනි දෑ හඳුන්වා දීමට පෙර මෙරට බුද්ධි අංශවල සිටින විෂයය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙස් ගත්තේද? මේ ගැන ජනතාව දැනුවත් කළේද?  මීට අදාළ සෞඛ්‍ය ගැටලු ගැන නිශ්චිත නිගමනයකට පැමිණ මෙය ජනතවාට හිතකර දෙයක් බව සහතිකයක් පිළිගත් ආයතනවලින් ලබා ගත්තේද? ඊට අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළේද? ආදී ගැටලු  අපට වැදගත් වුවද, රටේ ජීවය හූරාකන කඳ පණුවන්ට ඒවා වැදගත් නැත. රටේ අවාසනාව මෙයයි.