ගුරු අරගලයට මාපියන් ද හවුල් කරගැනීමේ සූදානමක්



ගුරු අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ, සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර අවධාරණය කළේ "ගුරුවරු හා විදුහල්පතිවරු තවත් ඉවසන්න සූදානම් නෑ.ඉදිරියේදී ගෙයින් ගෙට ගිහින් දෙමව්පියනුත් මේ අරගලය වටා ඒකරාශි කරන්න අපි සූදානම්" යන්නයි.

ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම,  කොළ පිරවීම නැවැත්වීම, අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම යන සටන් පාඪ මුල් කරගනිමින් මෙම අරගලය අරඹා තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසප් ස්ටාලින් පැවසුවේ, ‘‘ඊයේ අපි අසනීප නිවාඩු වාර්තා කළාම නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයම අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකයි කියලා පිළිඅරගෙන තියෙන්නේ‘‘ යන්නයි.