කථානායක කරු ජයසූරිය ආසියාවේ අභිමානය සම්මානයෙන් පිදුම් ලබයි


අබ්දුල් කලාම් කළමණාකරන හා තාක්ෂණ අධ්‍යන ආයතනයෙන් කථානායක කරු ජයසුරිය මහතාට Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය පිරිනැමෙයි.

ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින් Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය අද (5) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා වෙත පිරිනැමුණි.