මෙරට බිම් බෝම්බ ඉවත් කරන්න නෝර්වේ රජයෙන් ඩො.මි. 7 ක්


මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළට තවදුරටත් සහාය ලබා දෙමින් ඇමෙරිකා ඩොලර් මිලියන 7 ක මුදලක් ලබාදීමට නෝර්වීජියානු රජය තීරණය කර තිබෙන බව අද (5) දිනයේදී නෝර්වීජියානු රාජ්‍ය ලේකම්වරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ. 

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළට තමා සහාය තවදුරටත් සහාය ලබා දෙන බව නෝර්වීජියානු රාජ්‍ය ලේකම්වරිය මෙහිදී පවසා තිබේ. ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක වේ. 

බිම් බෝම්බ තිබූ සමස්ත භූමියෙන් සියයට අනූ හතරක බිම් බෝම්බ ඉවත් කිරීම් පසුගිය වසර වන විට අවසන් කර තිබෙන අතර බිම් බෝම්බ ඉවත් කිරීම මෙරට ප්‍රතිසන්ධාන වැඩපිළිවෙලේ එක් කොටසක් ලෙස සැලකේ.  යළි පදිංචි කිරීම් සිදු කිරීමේදී මෙම වැඩපිළිවෙළ බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට නෝර්වේ රජය දැවැන්ත සහායක් ලබාදේ. මැග් හා හා ලෝට්‍රස්ට් යන සංවිධාන නෝර්වේ රාජ්‍යයේ අනුග්‍රහය මත මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටියි.