ව්‍යවසායකත්වයෙන් පිරිපුන් රටක් වෙනුවෙන් ඉදිරිපත් වුණු මංගලගේ අයවැය



ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක් ගොඩනගන, ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අය වැය අද (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැය වන අතර නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ වත්මන් රජයේ පස්වන අයවැය මෙයයි.


අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කතාව කියවීමට පිවිසෙන්න



මෙවර අයවැයේදී ඉදිරිපත් වූ යෝජනා කීපයක් 


2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරේ


සිගරට්ටුවක මිල රු. 5කින් ඉහළට



ගල් අරක්කු මිල වැඩි නොකෙරේ



දේශීය මත්පැන් මිලි ලීට්ර් 750ක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට



අද සිට පනවා ඇති බිඩි කොළ ආනයන කිරීමේ සෙස් බද්ද රු. 2500 සිට 3500 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ



කැසිනෝ සඳහා ඇතුල්වීමේ ගාස්තු අමෙරිකා ඩොලර් 50ක ගාස්තුවක් පැනවීම 



කැසිනෝ ශාලා ප්‍රවේශ ගාස්තුව රු මිලි 400දක්වා ඉහළට



මෝටර් රථ නිෂ්පාදන බදු ඉහළට



ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට – එක්දින ගාස්තු රු. 5000 කින් සහ සාමන්‍ය සේවය සඳහා වන ගාස්තුව රු. 3500කින් ඉහළට



කාර්ය බහුල වේලාවන්හිදී අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත් මිල රුපියල් 100 කින් ඉහල දැමීමට පියවර



කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක් – අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක්



ජාතික කලාභවන නවීකරණය කිරීම



ගම්පෙරලිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනයට මිලියනයක්



ප්‍රජා මූලික හරිත සමාජ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ආරම්භ කිරීම



හරිත සමාජ මගින් පරිසර සංරක්ෂණය කිරීම



හරිත උද්‍යාන 40ක් ඉදි කිරීම



කොළඹ නගරය අලංකරණයට මිලියන 1000ක්



කඩොලාන පැල තවාන් ඉදිකිරීමට මිලියන 50ක්



ආපදා කළමනාකරණයට මිලියන 20000ක් වෙන් කිරීම



අධිඅවදානම් නිවාස සඳහා නව නිවාස වැඩපිළිවෙලක්



ගුරු වැටුප 16000 සිට 29000 දක්වා වර්ධනයට පියවර



විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීමට මිලියන 12000ක්



ජාතික විශ්‍රාම සැලැස්මක් හදුන්වාදීම



කමාන්ඩෝ දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළට



හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩි කිරීම



යුධ සමයේ විනාශ වූ ප්‍රදේශ සංවර්ධනයට පැල්මයිරා අරමුදල යටතේ රුපියල් බිලියන 5ක්



තාක්ෂණය සහ නවීකරණය තුලින් රාජ්‍ය සේවය ගුණාත්මක කිරීම



අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට මිලියන 100ක්



දුප්පතුන් ඉහළ ආදායම් මට්ටමට ගෙන ඒමට පහසුකම් සැපයීම සදහා අවධානය



සමෘද්ධි ව්‍යාපාරය ඵලදායී ලෙසට ක්‍රියාවට නැංවීම



සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනාව ඉහළ දැමීමට මිලියන 10000ක්



දේශපාලනීකරණය වී තිබූ සමෘද්ධි වැඩපිළිවෙල ප්‍රතිසංවිධානය කිරීම



ප්‍රධාන දුම්රිය මාර්ග 4ක ධවනය කෙරෙන දුම්රියන් හි මැදිරි පෞද්ගලික අංශය වෙත කුලියට ලබා දීමේ ක්‍රමයක්



හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව 100%කින් ඉහළට



ජුලි මස 01 සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්



මාලබේ සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රියේ ඉදිකිරීම් සඳහා මිලියන 5000ක් වෙන් කිරීම



රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීම පියවර



මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව



රන්මාවත් යෝජනාක්‍රමය වෙනුවෙන් මිලියන 10000



ග්‍රාමීය මාර්ග සංවර්ධනයට බිලියන 10ක්



මේ වසරේ රාජ්‍ය සේවක වැටුප වර්ධනයට බිලියන 40ක්



ප්‍රජා ජල අභිමන් වැඩසටහනට රුපියල් මිලියන 1500ක් වෙන් කිරීම



පොදු ප්‍රවාහනය නැංවීමට සුඛෝපභෝගි බස් රථ 1000ක් ගෙන්වීම



මිනි ටැක්සි ත්‍රීවීලර් රියදුරන්ට රජයෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්



ඒකාබද්ධ බස් සමාගම් මධ්‍යස්ථානයක් පිහිටුවීම



විද්‍යුත් ත්‍රීරෝද රථ සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්



ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 250ක්



මගියාට හිතකර බස් රථ වෙනුවෙන් සිටි රයිඩ් නමින් ණය ක්‍රමයක්



බස් හිමියාගේ ණය පොලී සඳහා 75% ක සහනයක්



රථවාහන තදබදය අඩු කිරීම



ඒකාබද්ධ බස් රථ නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක්



රථවාහන තදබදය අඩු කිරීම



ජී.පී.එස් මගින් බස් රථවල තොරතුරු මගියාට සම්ප්‍රේෂණයට වැඩපිළිවෙලක්



පෞරාණික ස්ථාන සංරක්ෂණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්



කල්මුනේ සමන්තුරේ නගර සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙළක්



බෝගම්බර සිර ගෙදර පොදු ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම



මාතලේ බ්ර්නාඩ් අලු විහාරේ ක්‍රීඩාංගණය සහ කොලොන්නාවේ වීරසිංහ මල්ලමාරච්චි ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම



නාගරික පුනර්ජීවනය සඳහා නිවාස ඉදිකිරීම සහ ඒ සදහා මිලියන 8000ක් වෙන් කිරීම



සුඛිත පුරවර වැඩසටහන සදහා තවත් මිලියන 2000ක් වෙන් කිරීම



අලි මිනිස් ගැටුම වැළැක්වීමට විශේෂ අවධානයක්



බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක්



යාපනයේ පැරණි මහ නගර සභාව සංවර්ධනය කිරීමට මිලියන 700 ක් වෙන් කෙරේ



වකුගඩු ප්‍රතිකාර ඒකකවල පහසුකම් පුළුල් කිරීම



අයාලේ යන සුනඛයන් වන්ද්‍යාකරණයට මිලිඅයන 100ක්



ප්‍රාථමික සුව සත්කාරක වැඩපිළිවෙල සඳහා රු මිලි 1625ක්



සුවසැරියට රු මිලි 600ක්



නව නැවතුම් ස්ථාන 300ක් සංවර්ධනය කිරීම



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීමට රුපියල් මිලියන 24750ක්



විවිධ කර්මාන්තවල ආධුනිකයන් පුහුණුව සඳහා යුධ හමුදාවෙන් වැඩපිළිවෙලක්



උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් ‘‘මගේ අනාගතය‘‘ නමින් මිලියන 1.1 ක ණයක්



වෘත්තීය පුහුණු අධ්‍යාපනය ඉහළ නැංවීමට පියවර



පෞද්ගලික අංශය හරහා හෙද පුහුණුවට සහන ලබා දීම



දෙමළ භාෂා ගුරුවරු පුහුණුවට මිලි 400ක්



මිලි 1.1 ක පොලීරහිත වසර 12කින් ගෙවිය හැකි ණය ව්‍යාපෘතියක්



රුහුණු විශ්ව විද්‍යාලයට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්



සරසවිවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25000ක්



පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්



හොඳම ප්‍රතිඵල ගන්නා ශිෂ්‍යයන්ට ලොව හොඳම සරසවි වල අධ්‍යාපන වරම් – මේ වසරේදී 14 දෙනෙකුට එලෙස අවස්ථාව



විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කිරීම



වසර 13ක් පාසල් අධ්‍යාපනය තහවුරු කිරීම සහ තවත් සහන ලබා දීම



පාසල් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 32000ක්



සංචාරක හෝටල් සඳහා පැනවෙන බදු පහළට



අපනයන සහ ආනයන හරහා රටට පැමිණෙන ආදායම් වර්ධනයට පියවර රැසක්



නව ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම අවධානය යොමු කිරීම



වරාය හා ගුවන්තොටුපල බදු අඩු කිරීමට පියවර



ප්‍රදේශය කිහිපයක නව කර්මාන්ත කලාප ඉදි කිරීම



ආදායම් බදු කලමනාකරණය සඳහා මුදල් අමාත්‍යාංශයේ නව ඒකකයක්



දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා



නව ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම



වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්



ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන්ට සිහින මාලිගා නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක්



අලුතෙන් බඳින ජෝඩු වලට වසර 25කින් ගෙවන ණයක්. 6% ක පොලියකට ලබා දීම


ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම


දුබලතා සහිත පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීම



විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ගෙවන රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩි කිරීම



සිරගතව සිටින කාන්තාවන්ට අත්කම් නිර්මාණය පුහුණු කිරීමට ගම්මානයක් සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීම



උතුරු නැගෙනහිර පවුල් සංවර්ධනයට විශේෂ අවධානය යොමු කිරීම



හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක්



රැකවරණ සහන ණය යෝජනා ක්‍රම හරහා පෞද්ගලික අංශයට ණය පහසුකම් ලබාදීම



පෞද්ගලික අංශය දිරි ගැන්වීමට කටයුතු කිරීම



ශ්‍රම බලකායෙන් 30%ක් වන කාන්තාවන් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගැනීම



ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය සඳහා මාස 03ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු



ප්‍රසූත නිවාඩු මාස හතර දක්වා ලබා දෙන්නේ නම් අතිරේක අඩු කිරීම සියයට සියය දක්වා ලබා දීම



කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම වැඩිකිරීමට විවිධ කම්කරු නීතී සංශෝධනය කිරීමට අවධානය යොමු කිරීම



නිදන්ගත වකුගඩු රෝගීන් 21,000 ක් වෙනුවෙන් ලබා දෙන දීමනාව තවත් වකුගඩු රෝගීන් 5000ක් වෙනුවෙන් ලබා දීමට මුදල් වෙන් කිරීම



සේවකයන් 250 ට වැඩි වාණිජ ආයතන වල ළමා සුරකීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීම



පේදුරු තුඩුවේ සහ පේසාලේ නව ධීවර වරායන් දෙකක් ඉදි කිරීම



සනීපාරක්ෂක කටයුතු සඳහා රුපියල් බිලියන 04ක් වෙන් කිරීම



වැසිකිලි පහසුකම් සැපයීම පෞද්ගලික අංශයට පැවරීම



සෑම ප්‍රධාන බස් නැවතුමක් සහ දුම්රිය පළකම නවීන වැසිකිළි තැනීමට කටයුතු කිරීම



ලංකාවේ ලක්ෂ 10කට වැසිකිලි පහසුකම් නැහැ – ඇමති මංගල



යුරෝපයට සිදු කරන මත්ස්‍ය අපනයනය 14%කින් ඉහළට





වියලන ලද් පොල් මද සැකසීමේ කර්මාන්තයි සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කිරීම



ග්‍රාමීය පාසැල් දරුවන්ට නොමිලේ කිරී වීදුරුවක් ලබා දීමට යෝජනා කිරීම



පොල් ආශ්‍රිත කර්මාන්තවල දැනට පවතින නීති ලිහිල් කිරීමට පියවර



කුරුඳු අපනයනය වැඩි කිරීමට කටයුතු කරන අතර කුරුඳු කර්මාන්තය පුහුණු කිරීමේ ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 75ක් වෙන් කර තිබෙනවා



කුරුදු නිෂ්පාදන අපනයනය දිරිගැන්වීම සදහා පියවර රැසක්



දැදුරු ඔය ඇතුලු ප්‍රධාන ව්‍යාපෘති 7ක වැඩ නිම ඉරීමට අතිරේක ප්‍රතිපාදන



නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු පිළිබඳව දැනුම් දීමට විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. (1925 )



එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා හරහා නව ව්‍යාපාර ආරම්භයට පහසුකම් රැසක් ලබා දීම



කෘෂි ධීවර හා වැවිලි ක්ෂේත්‍රය ඉහළ නැංවීමට කටයුතු කිරීම



කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිශ්පාදන බදු පහළට



පසු අස්වනු හානි අවම ඉරීමට පියවර ගැනීම



රබර් කර්මාන්තය ඉහළ නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම



රබර් අලුතින් වගා කිරීමට දිරි ගැන්වීම



අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබාදීම



ආගමික ස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන වැඩි කිරීම



තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වැඩසටහන් සැලසුම් කිරීම



ගම්පෙරලිය සදහා මිලියන 48000ක් වෙන් කිරීම



දළ දේශීය නිශ්පාදිත ඉහළට



ආනයන සදහා වන තීරු බදු ක්‍රමානුකූලව ඉවතට