ගණිතය වෙනුවෙන් පිදෙන ඒබල් සම්මානය ඇමරිකානු මහාචාර්යවරියකට


ගණිත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතා දැක්වූවන් වෙනුවෙන් පිදෙන ලොව ඉහළම ඒබල් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූ ලොව ප්‍රථම කාන්තාව බවට ටෙක්සාස් සරසවියේ මහාචාර්යවරියක වන කැරන් කැස්කියුලා යූලෙන්බර්ක් සමත් වී තිබේ. 

පසුගිය අගහරුවාදා (19) දින The Norwegian Academy of Science and Letters ඔස්ලෝහිදී මේ බව නිවේදනය කළ අතර ගණිතය වෙනුවෙන් පිදෙන ‘නොබෙල් සම්මානය‘ යන නමින් ද මෙය හැඳින්වේ. 

ජ්‍යාමිතිය වෙනුවෙන් ඇය කළ අගනා මෙහෙවර අගයමින් මෙම සම්මානය ලබාදෙන අතර එය  නෝර්වේජියානු ක්‍රෝනර් මුදලින් මිලියන 6 ක පමණ වටිනාකමින් යුතු වේ. 19 වන සියවසේ ජීවත් වූ විශිෂ්ඨ ගණිතඥයෙකු වූ නීල්ස් හෙන්රි ආබෙල් අනුස්මරණය කරමින්  2003 වසරේදී සිට මෙම සම්මානය ලබාදෙන අතර මීට පෙර මින් ඇගයීමට ලක්වී තිබෙන සියලුදෙනා පුරුෂයින් වීම ද විශේෂත්වයකි. විද්‍යා හා ගණිත ක්ෂේත්‍රයේ ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාවය පෙන්වන අපූර්ව අවස්ථාවක් ලෙස ද මෙය දැකිය හැකිවේ.