කථානායකවරයා "⁣ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී"⁣ නාමයෙන් පිදුම් ලබයි



රටේ සමස්ත ජනතාව වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් කථානායක කරු ජයසූරිය වෙත "⁣ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී"⁣ ගෞරව නාමයක් පුද කිරීම අද දින (19) මහනුවර මල්වතු විහාරස්ථානයේ දී සිදු කෙරිණි. 



ධර්මය හා නීතිය එක්තැන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ජාතිය වෙනුවෙන් රැකගැනීමට කථානායකවරයා දරන ලද දායකත්වය මෙහිදී ඇගයීම සිදුවිය.