'‘සුළඟ අප රැගෙන යාවි' බලන්නම ඕන චිත්‍රපටයක්‘‘ - අයිරාංගනී සේරසිංහ


නුවන් ජයතිලකගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා (22) කලම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමාහලේ පැවැත්වුණා. ඒ වෙනුවෙන් කලාකරුවන් සහ විද්වතුන් රැසක් පැමිණ සිටියා. 

‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටයට රංගනයෙන් දායක වන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී, අයිරාංගනී සේරසිංහ පවසන්නේ, 

"‘සුළඟ අප රැගෙන යාවි‘ බලන්න ඕන චිත්‍රපටයක්. මොකද දන්නවද, කතන්දරේ ලස්සන විතරක් නෙමෙයි. මයෙ හිතේ ලංකාවේ හුඟ දෙනෙක් දන්නෙ නෑ, ලංකාවේ ඇතැම් කොටස් වල ජීවත් වෙන අපි වගේම ලාංකිකයෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා, ඒ අය විඳින දුක් ගැහැට වගේම ඒවා අතරේ මනුස්සයොයි සත්තුයි අතරේ තියෙන සම්බන්ධතාව, ආදරය කියන දේත් හරි අපූරුවට අපිට දනවන නිර්මාණයක් මේක...." යන්නයි. 



‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ දැන් ඔබේ සිනමාහලේ