කර්තෘභාග නොගෙවන නිසා බුද්ධිමය දේපළ පනත යළි සංශෝධනය කෙරේ



2018 අංක 7 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත මගින් සංශෝධිත 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත මගින් සලසා ඇති විධිවිධාන අනුව ගීත හෝ සංගීතමය නිර්මාණ වල හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම හා සම්බන්ධිත අයිතිවාසිකම් වෙනුවෙන් එම හිමිකරුවන් වෙත හෝ ඔවුන් සාමාජිකත්වය දරන සාමූහික සංගම් වෙත ගෙවිය යුතුවේ. 

නමුත්, තවමත් ගීත හෝ සංගීතමය කෘති වාණිජමය අරමුණු සඳහා භාවිත කරන පිරිස් එම නිර්මාණ වල හිමිකරුවන්ට නියමිත අන්දමින් කර්තෘභාග ගෙවීම් නොකරන බව හඳුනාගෙන තිබෙන බැවින්, කර්තෘභාග ලෙස අවම ගාස්තු සඳහන් නියෝග ඇතුළත් 2011.01. 05 දිනැති 1687 / 28 දරණ ගැසට් පත්‍රයේ පළවූ 2011 අංක 01 දරණ බුද්ධිමය දේපළ නියෝග අවලංගු කරන කර්තෘභාගය ලබාගැනීමේ යන්ත්‍රණය විධිමත් කරගැනීම සඳහා 2008 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග නිකුත් කිරීම වඩාත් ඵලදායී යැයි පෙනී ගොස් තිබෙන බැවින් එම නීති සංශෝධනය කළයුතු බව ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව දක්වා තිබේ.