ජීවිතය දුර වැඩි නෑ - සොනාලි දැරණියගල ජීවිතේ අලුතින් පටන්ගෙන


සොනාලි දැරණියගල රචනා කළ ‘Wave’ කෘතියට මුල්වෙන්නේ ඇගේ සැබෑ ජීවිතයේ විඳි අතිශය කටුක අත්දැකීමක්, නමුත්, 2004 වසරේ දී නිවාඩුවක් ගතකරන්න මෙරටට පැමිණ සිටියදී ඇගේ ආදරණීය සැමියා වූ ස්ටීවන් ලිසන්බර්ග්, දෙදරුවන් වූ වික්‍රම් (අවුරුදු 5) හා නිඛිල් (අවුරුදු 7) හා දෙමව්පියන් (ජෙමිණි හා එඩ්වර්ඩ්) සමග යාල වනෝද්‍යානයේ සංචාරය කරන අතරතුරදී සුනාමියට මුහුණදෙන්නට ඇයට සිද්ධ වෙනවා. අඩි 30 ක් ගැඹුරු රුදුරු ජල කඳ සමග සටන් කරන ඇගේ ජීවිතය යම්තමින් බේරුණත් පවුලේ අනෙක් සියලුම සාමාජිකයින්ගේ ජීවිත බේරාගන්නට සොනාලිට හැකිවෙන්නේ නැහැ. විඳි දුක නිදහස් කරගන්නට ඇය රචනා කළ කෘතිය සම්මාන වලින් පිදුම් ලබනවා. 

අපට හුරුපුරුදු ඇය ආයෙමත් පාරක් ජීවිතය හොයාගෙන ගිහිං. සොනාලිගේ ආදරවන්තිය වී හිඳින්නේ ‘හැරී පෝටර්‘ සිනමාපට මාලාවේද රඟපෑ සුප්‍රකට රංගන ශිල්පිනියක වන ෆියෝනා ෂෝ. 

සිය පෙම්වතිය ගැන මාධ්‍ය හමුවේ අනාවරණය කළ ෆියෝනා පවසන්නේ, ‘‘මං විවාහ වුණා, හැමවෙලාවේම රංගන කටයුතු සමගින් කාර්යබහුල වුණු නිසාම පවුල් ජීවිතය ගැන හිතන්න මට කාලයක් තිබුණේ නැහැ. ඒත්, මට ආදරේ කරන කෙනා දැන් මට මුණගැහිලා ඉන්නවා. මගේ ජීවිතේ ගැන ආයෙත් හිතන්න පුළුවන්‘‘ යන්නයි. 

සොනාලි මේ වනවිට ලන්ඩනයේ School of Oriental and African Studies හි ආර්ථික විද්‍යා මහාචාර්යවරියක ලෙස කටයුතු කරන අතර නිව්යෝර්ක් හි කොළොම්බියා විශ්වවිද්‍යාලයේ School of International and Public Affairs අංශයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවයේ යෙදේ. මේ දෙපළට ලන්ඩනයේ මෙන්ම නිව්යෝර්ක් හි ද නිවාස තිබෙන අතර සොනාලි හා ෆියෝනා ආදරවන්තයින් වූ පසු කීපවරක්ම මෙරටට ද පැමිණි ඇති අතර ඔවුන් ගාලු සාහිත්‍යය උළෙලට ද දායක වී තිබේ.


ෆියෝනාගේ ප්‍රියතම ලේඛිකාවන් අතර සුවිශේෂී තැනක් සොනාලිට හිමිවේ. ‘Wave’ කෘතිය ගැන වරෙක ෆියෝනා පැවසුවේ, ‘‘සොනාලිට ඇගේ සැමියා, දරුවන් හා මාපියන් අහිමි කළ සංවේදී හා අතිශය අපූරු මතක සටහන් පෙළක් මේ කෘතියෙන් දැනහඳුනාගන්නට හැකියි. ඇය ජීවිතය රැකගන්නේ ගහක අත්තක එල්ලිලා. අකාරුණික ලෙස වෙන් වෙන්න කලින් ඇය හා පවුලේ උදවිය ලන්ඩනයේ ගෙවූ ප්‍රීතිමත් ජීවිතය ගැන ඊට පස්සේ කෘතිය පුරා විස්තර කර තිබෙනවා. ‘Wave’ කෘතිය මාව සසල කළා.‘‘ යන්නයි. 








මේ වසර ගණනාව පුරාම මම යාලට පැමිණියෙමි. කොළඹ සිට එන ගමනේදී උඩවලවේ ජලාශය ළඟාවත්ම මම ඉවත බලා ගතිමි. දිදුලන ජලයට ඉහළින් උකුස්සන් උඩු සුළඟේ පියාසර කරන මේ ස්ථානය වික්‍රම් ප්‍රිය කළේය. දෙදහස් හතරේ දෙසැම්බර් විසි හය වෙනිදා රාත්‍රියේ මා කොලඹ කැඳවාගෙන යද්දී රථය ජලාශය ඔස්සේ ගමන් කරන විට මම හිස දෙකකුල් අතර සඟවා ගතිමි. වික් මෙය යළි කිසිදිනක නොදකිනු ඇත. එහෙයින් මට එය බැලිය නොහැකි යැයි මම සිතුවෙමි. සය වසරකට පසු මම ස්ටීව් ගේ සොයුරිය හා ඇගේ පවුලේ උදවිය සමග මේ පාරේම ගමන් කරමින් සිටිමි. එහෙත් රළෙන් පසු ප්‍රථම වතාව මට එදෙස බලන්නට පුළුවවන‘Wave’ - සොනාලි දැරණියගල (පරිවර්තනය - මාලිනී ගෝවින්නගේ)