කේ. කේ. ලියූ ''නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය'' කෘතිය


කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදනය කළ ‘‘නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය‘‘ කෘතිය දැන් නිකුත් වී තිබේ.

නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය- තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගත හැකි පරිදි මේ සම්පාදනය කොට තිබේ. නවකතා මාධ්‍යය කේන්ද්‍ර කොට නාට්‍යය, සිනමා තිර රචනය, කෙටිකතාව හා ළමා කතාව ඔස්සේ කතාන්දරයක් ගොඩ නැගීමේ මූලික ක‍්‍රමවේදය හා මාධ්‍යමය හා තාක්ෂණික ස්වීයත්වය කෙරේ අවබෝධය මෙතුළින් ලබා ගත හැකිවේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධයද මෙමගින් ලබා දෙනු ඇත. 

‘‘නිර්මාණාත්මක ලේඛනය : නවකතාවේ වාස්තුවේදය‘‘ කවිවර ප‍්‍රකාශනයකි.