‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ හිත නිවෙන චිත්‍රපටයක්



- තුසිත බාලසූරිය - 

නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටයේ මාධ්‍ය දර්ශනය අද සවස් කාලයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි. මේ මාධ්‍ය දර්ශනයට එක්වූ මාධ්‍ය සගයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන තුසිත බාලසූරිය ඒ ගැන සටහනක් තබා තිබෙන්නේ මෙලෙසිනි. 


‘‘අද ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ චිත්‍රපටයේ මාධ්‍ය සංදර්ශනය බලලා එළියට ආපු ගමන් මිතුරෙක් මට කිව්වා ‘හිතපු තරමට ලොකු කතාවක් නැහැනෙ‘ කියලා. මම ඔහුට කිව්වේ ‘කතාව පොඩි වුණාට ලස්සනයි‘ කියලා. 

ලස්සනයි කියුවෙ චිත්‍රපටයේ තියෙන සොබා අලංකාරය විතරක් නෙමෙයි සුළඟ අපව රැගෙන යන නිවනට. නිවන් දකිනවා නම් පොඩි කතාවක් වුණත් ඇති. අද වගේ වියවුල් දවසක ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ වගේ නිවෙන චිත්‍රපටයක් බලපු එක හිතට සැනසිල්ලක්.‘‘