'අගමැති මාධ්‍ය මර්දනය පටන් ගත්තා' - මහින්ද






කළු මාධ්‍ය ගැන පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ රූපවාහිනී නාලිකාවන්ට දැන්වීම් නොදෙමින් මාධ්‍ය මර්දනය පටන්ගෙන ඇති බව අද (5) කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිතයින් හමුවේ මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියේය.





මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූවේ ‘‘අද අපි පැහැදිලිව දන්නවා තව ටික දවසක් යනකොට මේ ඉන්න නාලිකා වලට මොනා වෙයිද කියලා කියන්න බැහැ. මොකද දැනටම නාලිකා වලට නම කියලම සමහර ඒවගේ හැමදාම එක එක පුද්ගලයින් පිළිබඳව කියලා, නම් කරලා පහර දුන්නා අගමැතිතුමා.





ඒ පාර කළු මාධ්‍ය කිව්වා. අනතුරු ඇඟෙව්වා. ‘ගැහුවොත්, ඊට පස්සේ අපි කියන දේ නොකළොත් අපි මේවා කරනවා‘ කියන එක තමයි නොකියා කිව්වේ. කරලා ඉවර වෙලා මං හිතන්නේ හිරු නාලිකාවේ තිබිච්ච දැන්වීම් ඔක්කොම නැවැත්තුවා.‘‘ යන්නයි.






https://www.facebook.com/anurahettiarchcho.hettiarachchi/videos/2232548477016668/




පසුගියදා (3) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, ආණ්ඩුව මාධ්‍ය මර්දනය පටන්ගෙන ඇති බවත් මේ වනවිට හිරු, දෙරණ නාලිකාවන්ට ලබාදෙන ආණ්ඩුවේ දැන්වීම් නවතා ඇති බවත්ය. මේ ප්‍රකාශයත් සමගින් ඊයේ (5) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද පැවසුවේ අගමැතිතුමා මාධ්‍ය මර්දනය පටන් ගෙන ඇති බවයි.













වීඩියෝව - ෆේස්බුක් මාධ්‍යයෙනි









සබැඳි පුවත්





කළු මාධ්‍යට අගමැතිගෙන් අභියෝගයක්





රනිල් මාධ්‍ය මර්දනය පටන් අරන් – ෂෙහාන් සේමසිංහ





දයාසිරි මාධ්‍ය මර්දනය ගැන බොරු කියයි