ලාංකික කාන්තාවක් සබරිමාලා කෝවිලට ඇතුළු වේ






‘ඔසප් කාලසීමාවේ‘ පසුවන කාන්තාවන්ට කේරළයේ පිහිටි සබරිමාලා කෝවිල වෙත ඇතුළුවීම වළකා තිබුණු අතර පසුගිය බදාදා (2) දිනයේදී ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු මෙම කෝවිලට ඇතුළුවීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණි. සසිකලා නම් ලාංකික කාන්තාවක් බ්‍රහස්පතින්දා (3) දින මෙම කෝවිලට ඇතුළු වීමට සමත් වූ තෙවැන්නා බවට පත්වී ඇති අතර ඇය 46 හැවිරිදි වියේ පසුවන්නීය.





''මං ශූද්ධ පියගැට 48 පසුකළත් පොලීසිය මට යන්න ඉඩදුන්නේ නැහැ. මං ළඟ වෛද්‍ය සහතික තියෙනවා, කෝවිලට පිවිසෙන්න වුවමනා හැම සුදුසුකමක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මේ කෝවිලට පිවිසෙද්දි දවස් 48 ක් ඒ වෙනුවෙන් පේ වෙන්න ඕන. මං දවස් 48 ක් පුරා ඒ වෙනුවෙන් ඇපකැප වුණා මං කිසිකෙනෙකුට බය වෙන්නේ නැහැ. මට යන්න ඉඩනොදෙන්න ඔවුන් කවුද ?‘‘ යන්න සසිකලා විමසන්නීය.





මේ සිදුවීම පිළිබඳ අනාවරණය කළ කේරළයේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පවසන්නේ සසිකලා ඇගේ සැමියා සමග කෝවිලට ඇතුළු වී ඇති බවයි. මේ කාන්තාවගේ ගර්භාෂය ඉවත්කර තිබෙන නිසා ඇය මාසිකව ඔසප් නොවන බව තහවුරු වී තිබෙන අතර බ්‍රහස්පතින්දා දින රාත්‍රී 10 ට පමණ ඇය කෝවිලට පිවිස තිබේ.






https://www.youtube.com/watch?v=baAOSYjLDd4








පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ තහනම ඉවත් කළ නමුත් පූජකයින් විසින් කාන්තාවන්ට ඇතුළුවීම නවතාදැමූ විට ඊට එරෙහිව දිගින් දිගටම විරෝධතා එල්ල විය. කාන්තාවන් ඔසප් වන නිසා ඔවුන් අපිරිසිදු පිරිස් යන්න පූජකයින් ඊට ලබාදුන් පිළිතුර වී තිබේ.





කෙසේවුවත්, සබරිමාලා වෙත ඇතුළු වූ සසිකලා ගැන පැහැදිලි කිරීමක් කළ සබරිමාලා කෝවිලේ ආයප්පා ධර්මසේනා නායක රාහුල් ඊස්වර් පවසන්නේ, ‘ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පවසන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. සසිකලා යැයි කියාගනිමින් මාධ්‍ය හරහා හුවමාරු වන කාන්තාවගේ ඡායාරූප පවා ව්‍යාජ ඒවා.‘‘ යන්නයි





සසිකලා








ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ද සබරිමාලා පුදබිමේ පූජකයින් මෙන්ම බැතිමතුන් ද තරයේ විශ්වාස කරන්නේ අවුරුදු 10 - 50 අතර වයස් සීමාවේ කාන්තාවන්ට සබරිමාලා වෙත පිවිසීම තහනම් බවයි.













NDTV හා Reuters ඇසුරිනි

















සබැඳි පුවත්









සබරිමාලා වෙනුවෙන් ඉන්දීය කාන්තාවන් පෙරමුණට - අකැප වීමේ හේතුව ඔසප්වීම