රනිල් මාධ්‍ය මර්දනය පටන් අරන් - ෂෙහාන් සේමසිංහ


අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් යුතුව ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම පටන්ගෙන ඇති බවත් මේ හා සම්බන්ධ අණ පනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, හිරු හා දෙරණ නාලිකාවන් එහි පළමු ගොදුර වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ අද (4) කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,





‘‘පස්වෙනි වරට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත්වුණාට පස්සේ පාර්ලිමේන්තුව තුළ කරපු පළවෙනිම ප්‍රකාශය තුළ එතුමා ඇගිල්ල දික් කළේ මාධ්‍යට. අවුරුදු හතරක් තිස්සේ ආණ්ඩුවක් රටක් විනාශ කරලා, රටේ සදාචාරය, සංස්කෘතිය විනාශ කරලා, අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු කරපු ඒ යුගය සම්බන්ධයෙන් මාධ්‍යයේ ඔබ තොරතුරු ජනතාවට කිව්වා.









කළු මාධ්‍ය මර්දනයට අණ පනත් ළඟදීම





එවැනි අවස්ථාවක මේ අග්‍රාමාත්‍යධූරය දරන්න යන අවසාන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඔබව හැඳින්වූවේ කළු මාධ්‍ය හැටියට. ‘කළු මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න යූ.එන්.පී ආණ්ඩුව කටයුතු කරනවා කියලා‘ කිව්වා. ඒක විතරක් නෙමෙයි, ඔබ අවධානයෙන් සිටින්න මේ වර්ෂයේ මුල කාලය තුළදී මාධ්‍ය මර්දනය සඳහා අණ පනත් පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කරන්නත්, අළුත් අණ පනත් අරන් එන්නත් ආණ්ඩුව කටයුතු කරනවා.









මොකද මාධ්‍ය නිහඬ කරේ නැත්නම් යූ.එන්.පී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න බැහැ, රටේ ජනතාව සත්‍ය අවබෝධ කරගන්නවා. ඒකේ එක පියවරක් පාර්ලිමේන්තුවට එන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ පටන්ගත්තා. ඒක තමයි, තෝරාගත්ත මාධ්‍ය වලට රාජ්‍ය ආයතන වල දැන්වීම් ලබාදීම නැවැත්තුවා.





ආණ්ඩුවට දණගහන්නේ නැති මාධ්‍ය වලට ආණ්ඩුවේ දැන්වීම් නැහැ





මේකේ මම කාරණා දෙකක් දකිනවා, එකක් තමන් ඉදිරියේ දණගහන් නැති මාධ්‍ය තෝරාගෙන ඒ මාධ්‍යට පණිවිඩයක් ලබාදෙන්න උත්සහ කරනවා ආණ්ඩුවේ මතයට අනුගත නොවුණොත් කිසිදු ආකාරයක ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වලින් ඒ ලබාදෙන දැන්වීම් ලබාදෙන්නේ නෑ කියලා.





දෙරණ - හිරු නාලිකා වලින් අගමැතිතුමාගේ ව්‍යාපෘතිය පටන්ගත්තා





දෙවැනි කාරණාව ඒක උපයෝගී කරගන්නවා, රාජ්‍ය ආයතන වල ආදායම පහළ දාලා, ප්‍රචාරණය දුර්වල කරලා රාජ්‍ය ආයතන සියල්ල විනාශ කරන්න ආදායම අඩු කරලා. විශේෂයෙන්ම හිරු සහ දෙරණ නාලිකා දෙක තෝරාගෙන මුලින්ම අගමැතිතුමාගේ ව්‍යාපෘතිය පටන්ගත්තා. මතක තියාගන්න අද මේක හිරු නාලිකාවට වෙන්න පුළුවන්, අද දෙරණ නාලිකාවට වෙන්න පුළුවන්, මේ අපි ඉදිරියේ තියෙන සියලුම මාධ්‍ය ආයතන වලට මේ තත්ත්වය උදාවෙන්න තව ටික කාලයයි යන්නේ.





හෙට දිනයේ ගොදුර වන්නේ ඔබේ මාධ්‍ය ආයතනයයි





මේ හින්දා ඔබ මේ අවස්ථාවේ පටන්ගත්තේ හිරු, දෙරණින් කියලා කල්පනා කරන්න එපා. හෙට දිනයේ ඔබේ මාධ්‍ය ආයතනයටත් එන්න පුළුවන්. ඉදිරියේ රජය ගෙනියන ඕනෑම වැඩපිළිවෙලක් ඉදිරියේ දණගැසුවේ නැත්නම් මේ මර්දනය දිගින් දිගටම ආණ්ඩුව අරගෙන යන්න පුළුවන්. ඒ නිසා 70 % ක් මේ රටේ ප්‍රේක්ෂකයින් නරඹන නාලිකා වල රාජ්‍ය ආයතන වල දැන්වීම් නැවැත්වීම හරහා සිදුවෙන්නේ රාජ්‍ය ආයතන අනික් පැත්තෙන් ආදායම අඩුවෙලා අකර්මන්‍ය වෙන හින්දා ක්‍රම දෙකකට, එක පැත්තකින් රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කරනවා, මාධ්‍යට තර්ජනය කරනවා. ඒ හින්දා ඔබට අපි මේ වාඩි වෙලා කතා කරන අදහස් වත් ඉදිරියේදී ජනතාවට ලැබෙන්න සලස්වන්න ක්‍රමයක් නැතිවෙයි. මොකද ආණ්ඩුව ඉතාම බැරෑරුම් තැනක ඉන්නේ. ආණ්ඩුවේ පළවෙනි පියවර හැටියට මාධ්‍ය නිහඬ කිරීම අනුගමනය කරනවා.

















සබැඳි පුවත්









කළු මාධ්‍යට අගමැතිගෙන් අභියෝගයක්