සබරිමාලා වෙනුවෙන් ඉන්දීය කාන්තාවන් පෙරමුණට - අකැප වීමේ හේතුව ඔසප්වීම






කාන්තාවන් දහස් ගණනකගේ එකමුතුවෙන් නිර්මාණය වූ සාමකාමී විරෝධයක් (බිත්තියක්) පසුගිය බදාදා (2) දින කේරළයේදී දක්නට ලැබුණි. ඒ ඉන්දියාවේ පිහිටි අති පූජනීය කෝවිලක් වන සබරිමාලා වෙත පිවිසීමට කාන්තාවන්ට ඇති අයිතිය ඉල්ලීම වෙනුවෙනි. මිනිත්තු 15 ක කාලයක් තුළදී කාන්තාවන් පිරිස එකතුවී කිලෝමීටර 630 ක පුරා විහිදී ගිය කාන්තා එකතුවක් නිර්මාණය කෙරුණු අතර මේ සිදුවීම ලොව පුරා අවධානයට ලක්විය. සබරිමාලා කෝවිලේ වසර සියගණනක් පුරා ඈතට දිවයන අතර වයස අවුරුදු 10 සිට 50 දක්වා ‘ඔසප් කාලසීමාවේ‘ පසුවන කාන්තාවන්ට මෙම කෝවිලට ඇතුළුවීම වළකා තිබුණි.









පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ තහනම ඉවත් කළ නමුත් කෝවිල වෙත ඇතුළුවීම වළක්වමින් විරෝධතාවයේ යෙදුණු කාන්තාවන්ට දිගින් දිගටම පහර එල්ලවිය.









බිංදු හරිහරන් (වයස අවුරුදු 42) හා කනකා දුර්ගා (44) පසුගිය බදාදා දින උදෑසන පොලීසියේ සහයෝගය මැද කෝවිලට ඇතුළු වූ අතර ඔවුන් කෝවිල් බිමට පිවිසීමෙන් පසුව කෝවිල් බිම පිරිසිදු කරන බව පවසමින් පූජකයින් මෙය පැයකට අධික කාලයක් පුරා වසා දැමීය.









මේ දෙපළ මීට පෙර පසුගිය දෙසැම්බර් 24 වැනිදා ද කෝවිල් බිමට ඇතුළු වීමට උත්සහ දරා තිබුණද විරෝධතාකරුවන් ඔවුන්ට ඇතුළුවීමට ඉඩ නොදී තිබුණි.









මේක ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව ගැන ප්‍රශ්නයක් නොවේ - මෝදි





මේ පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය අගමැති මෝදි පවසන්නේ, මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි.









ඈත ගම් නියම්ගම් මෙන්ම නාගරික පෙදෙස් වල ජීවත් වන කාන්තාවන්, ගෙවිළියන් - වෛද්‍යවරියන්, සමාජ ක්‍රියාකාරිනියන්, රංගන ශිල්පිනියන් සමාන සැලකුම් ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නගන්නට එක්වී සිටියහ.






https://www.youtube.com/watch?v=odVF4x6IyRU
සබරිමාලා අකැප මිනිසුන්ටද ?








මිනිසුන් ලෙස සමාන සැලකුම් ලැබීමේ අයිතිය










මේ සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කාන්තාවන් සිය උත්සහය අත්නොහැරි අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ද එල්ල කෙරුණි. කේරළය පාලනය කරන කොමියුනිට්ස් පක්ෂයේ සහය ද මෙම තහනම අවසන් කිරීමට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









අපි කොතැනද ? - පත්තිරිප්පුව, ශ්‍රී මහා බෝධිය අපේ කාන්තාවන්ට කැපද ?









මේ ඉන්දීය කාන්තාවන් ඉල්ලා සිටින්නේ මනුෂ්‍යයින් ලෙස සමාන සැලකුම් ලැබීමට ඇති අයිතියයි, ආගමේ නාමයෙන් කාන්තාවන්ට හිමිවන වෙනස් කොට සැලකීම් ඉන්දියාවේ මෙන්ම අප රටේ ද තවමත් අවසන්වී නැත.

















The Guardian හා The Cut ඇසුරිනි