දයාසිරි මාධ්‍ය මර්දනය ගැන බොරු කියයි






ඊයේ (3) දින කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, ආණ්ඩුව මාධ්‍ය මර්දනය පටන්ගෙන ඇති බවත් මේ වනවිට හිරු, දෙරණ නාලිකාවන්ට ලබාදෙන ආණ්ඩුවේ දැන්වීම් නවතා ඇති බවත්ය. කෙසේවුවත්, ඊයේ ප්‍රචාරය වූ හිරු නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුර ථෙරවාද පිටකය ජාතික උරුමයක් ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අළලා නිර්මාණය වූ රජයේ දැන්වීම් ප්‍රචාරය වෙන අන්දම දක්නට ලැබුණි.





අදාළ වීඩියෝව පහතින්.










https://streamable.com/nb3z1?fbclid=IwAR3abIA1LhYDVGv_OsMeCer9hENMrTtLsAcJPjDnIAjW0lNsM-ZobU9ZGYM




මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ ‘‘ආණ්ඩුවේ ඊළඟ මර්දන අවස්ථාව ඇවිල්ලා තියෙනවා හිරු නාලිකාවටත් දෙරණ නාලිකාවටත්, හිරු නාලිකාවට දෙන සියලුම රාජ්‍ය වෙළඳ දැන්වීම් සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා මේ වෙනකොට. ඊළඟට දෙරණ ආයතනයට 50 % ක් දෙනක එක නතර කරලා තියෙනවා. මේක මාධ්‍ය මර්දනය නෙමෙයිද ? කියලා අහන්න මං කැමතියි‘‘ යන්නයි.





අද (4) කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී ද
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව අවධාරණය කරමින් පැවසුවේ, අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් යුතුව ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම පටන්ගෙන ඇති බවත් මේ හා සම්බන්ධ අණ පනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව හා හිරු හා දෙරණ නාලිකාවන් එහි පළමු ගොදුර වන බවත්ය.





























සබැඳි පුවත්





කළු මාධ්‍යට අගමැතිගෙන් අභියෝගයක්





රනිල් මාධ්‍ය මර්දනය පටන් අරන් - ෂෙහාන් සේමසිංහ