මහින්ද යයි - රනිල් නැවත අගමැති පදවියේ අනිද්දා දිවුරුම් දීමට නියමිතයි






අනිද්දා දිනයේදී (දෙසැම්බර් 16 ඉරිදා) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 





එමෙන්ම, එළඹෙන සඳුදා (17) නව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබේ. 





 






නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමට නිකුත් කරඇති පණිවිඩය








කෙසේවුවත්, ජනපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත.