චිත්‍රපට සඟරාවේ නවතම කලාපය ප්‍රකාශයට පත්වේ

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කරන ‘‘චිත්‍රපට සඟරාවේ‘‘ 2018 තෙවැනි කලාපය ප්‍රකාශයට පත්කර ඇත. සිනමාව සම්බන්ධයෙන් ලියැවී ඇති විශිෂ්ට ලිපි එකතුවකින් සමන්විත මෙවර කලාපය සියලුම සරසවි පොත්හල්, බොරැල්ල සදීපා පොත්හල, මරදාන ගොඩගේ පොත්හල, කොටුව දුම්රියපොළ සහ මහරගම සසිරි පොත්හල් වලින් ඉදිරියේදී මිලදීගත හැකිවනු ඇත. 


මෙවර සඟරාවේ අන්තර්ගත වී ඇති ලිපි මාලාව 


1. අඩසියවසක සදාදර රෝයි - ග්‍රන්ථය දොරට වැඩිය දා 


සටහන - අමිල ජයකොඩි 


 

2. මගේ සිනමාව දේශපාලනිකයි - විසාකේස චන්ද්‍රෙස්කරම් 


සංවාදය - බෙනිල් ශාන්ත 


 

3. La Luna චිත්‍රපටය අධ්‍යක්ෂක සමග සංවාදය 


අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 


 

4. සමාන්තර සිනමාවක අවශ්‍යතාව 


තුසිත ජයසුන්දර 


 

5. නිම්නයක හුදකලාව 


එරන්ද මහගමගේ 


 

6. සිනමාව යනු කර්මාන්තයක් වගේම කලාවක් - ලාල් දිසානායක 


සංවාදය ජීවන්ත දයානන්ද 


 

7. බහුචිතවාදියා 


සමන් පුෂ්ප ලියනගේ 


 

8. දේශීය සිනමාවේ ඇත්ත වයස කීයද ? 


රූපසේන සිල්වා 


 

9. සිනමාවෙන් නිරූපිත තාරුණ්‍යය 


දීප්තිකා අබේසිංහ 


 

10. කම්කරු පන්තියට සිනමාවක් 


එල්. ඕ. ද සිල්වා 


 

11. රුක්මණී දේවි පිළිබඳ මතකය - උදුලා දාබරේ 


සංවාදය - ෂෙරීන් පීරිස්