ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ලියැවුණු Free Hit කෘතිය HarperCollins වෙතින්

Free Hit කෘතිය ගැන


සම්මානලාභී ක්‍රීඩා මාධ්‍යවේදිනියක වන  සුප්‍රිතා දාස් රචනා කළ Free Hit කෘතිය HarperCollins India සමාගමේ කෘතියක් ලෙස ජනගතකර ඇත. (මිලදී ගැනීමට පිවිසෙන්න). ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය මේ කෘතියට පදනම් වී ඇත. ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ආරම්භ වන්නේ 1960 – 70 දශකයේදී  වුවත් එය අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ 2017 වසරේදී ය. කාන්තා ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට ඉන්දියාව 2017 වසරේදී තේරී පත්වීම මේ සඳහා බලපෑ සුවිශේෂී හේතුව බවට පත්විය. මේ සමග ඉන්දියාව පුරා පැතිර ගිය ක්‍රිකට් උණුසුම ජනතාවගේ මතකයෙන් ගිලිහී නොගියේය.


 

 


Free Hit කෘතියේදී අවධානයට ලක්වූ කාන්තා ක්‍රිකට් තාරකාවන් කවුද ?


 


Free Hit කෘතියේදී අවධානයට ලක්වන්නේ, ඉන්දීය කාන්තා පිළේ මුල් කාලීන දැවැන්තයින් වූ ඩයනා ඉයුජි, ෂුබන්ගි කුල්කානි, ශාන්තා රංගස්වාමි වැන්නන් ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා ලබාදුන් සුවිශේෂී දායකත්වයයි. මේ අතරට ක්‍රීඩාවේ යෙදීමට කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කිරීම, කරට කර තරඟ කිරීම, අනග්‍රාහකයින්ගෙන් එල්ල වූ අභියෝග ජයගැනීම, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වෙමින් කාත්නාවත්ට එක් වැටුපකුත්, පුරුෂයින්ට තවත් වැටුපකුත් ගෙවීම සිදුකළ නිසා ඊට එරෙහිව සටන් කිරීම හා ක්‍රිකට් පරිපාලනය විසින් සිදුකළ වෙනස් සැලකීම් මඟහරවා ගැනීම ආදිය ඇතුළත්ය.


 


මේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් කීපදෙනා විසින් ආරම්භක සමයේදී ලබාදුන් සුවිශේෂී දායකත්වය වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන මිතලි රාජ්, ජුලාන් ගෝස්වාමි, හාර්මන්ප්‍රීත් කොවූර් වැන්නන්ගේ වෘත්තීය දිවියට සුවිශේෂි ආලෝකයක් ලබාදුණි. ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එදා හා  අද තත්ත්වය  සම්බන්ධයෙන් Free Hit කෘතියේදී සංසන්දනාත්මක දැක්මකින් යුතුව රචනා වී ඇත.


 


සුප්‍රිතා දාස් නම් ක්‍රීඩා මාධ්‍යවේදිනියක ? 


 


සුප්‍රිතා දාස් දශක ගණනාවක් පුරා ක්‍රීඩා මාධ්‍යවේදිනියක ලෙස සේවයේ නියැලෙන අතර ඇගේ වෘත්තීය දිවියේදී පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියානු ක්‍රීඩා උළෙල, ජාතික හා අන්තර්ජාතික ක්‍රීඩා උළෙල ගණනාවක් මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි ද වාර්තාකර ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයට දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් 2015 වසරේදී RedInk සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. වසර 10 ක් පුරා NDTV නාලිකාවේ ක්‍රීඩා අංශයේ සේවය කළ සුප්‍රිතා මේ වනවිට නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන්නීය.


 

ඇය මීට පෙර රචනා කළ Shadow Fighter: Sarita Devi and Her Extraordinary Journey කෘතිය ක්‍රීඩා දිවියේ මතකයන් පිළිබඳ ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස ජනාදරයට පත්වූ අතර Free Hit ඇගේ දෙවන කෘතියයි.


 


Free Hit කෘතිය ගැන කියන සුප්‍රිතා දාස්


 


සිය කෘතිය පිළිබඳ අදහස් දක්වන සුප්‍රිතා දාස් පවසන්නේ, ‘‘Free Hit කෘතිය රචනා කිරීමේ කාර්යය අතරතුරදී අලුත් දේවල් ගැන ඉගෙනගන්න වගේම අත්දැකීම් ලබාගන්නත් මට  අවස්ථාව හිමිවුණා. ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය සලකා බැලුවොත් මේ දක්වා වූ ගමන් මගේදී ලොව වැඩිම ඉණිම ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාව, වැඩිම විකට් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාව ඉන්දියාවෙන් බිහිකිරීමට හැකිවීමත් විශේෂයි.


 


මේ කෘතිය පුරා දිගහැරෙන අසහාය කාන්තාවන්ගේ විස්මයජනක මෙන්ම කඳුළින් පිරි ජීවිත කතාවන් අද දවසේ ජීවත්වෙන දුවා දරුවන්ට ඔවුන්ගේ හීනයන් හඹායන්නට පොළඹනවා වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සීමා මායිම් වලින් තොරවූ කලාපයක් බවත් පෙන්වා දෙනවා‘‘ යන්නයි.


 


HarperCollins India සමාගමේ ප්‍රකාශන අධිපති වන උදයන් මිත්‍රා Free Hit කෘතිය ගැන දක්වන අදහස්


 


Free Hit කෘතිය ගැන අදහස් දක්වන HarperCollins India සමාගමේ ප්‍රකාශන අධිපති වන උදයන් මිත්‍රා පවසන්නේ, ‘‘වසර ගණනාවක් පුරා නිසි සැලකුම් නොලැබුණු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලොව පුරා සුවිශේෂී අවධානයට ලක්වූ පිරිසක් වී තිබෙනවා. Free Hit කෘතියේදී ගෙනහැර පාන්නේ කිසි දින වෙහෙසට පත්නොවන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ත්‍රාසජනක හා ආකර්ශණීය කතාවයි. කාන්තා World T20 තරඟාවලිය පටන්ගෙන තිබෙන මේ සමයේදී Free Hit කෘතිය ජනගතවී තිබීම ද විශේෂයි.




 

  


 

සටහන -  වින්ධ්‍යා ගම්ලත් 

 

 

 

සබැඳි පුවත් 

 

 ‘‘ආණ්ඩුවේ එක් නියෝජිතයෙකුවත් යුධ අපරාධ වලට අභිචෝදනා ලබා තිබෙනවාද ?‘‘ - අකිල් කුමාරස්වාමි 

ලාංකීය පවුලක් පදනම් කරගෙන ලියැවුණු කෙටි කතා එකතුව ජනගත වේ