ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා" - මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.


ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ඒ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම පිණිස රජයේ මුද්‍රණාලය වෙත පිටත් කොට ඇති බව ද ඔහු සඳහන් කළේය.


19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයන් පිරිසක් බීබීසී සිංහල සේවයට සිකුරාදා (09) ප්‍රකාශ කළහ.


එහෙත් ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළු තවත් නීතිඥවරුන් පිරිසකගේ මතය වී තිබේ.


උපුටා ගැනීම BBC සිංහල