කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ භාණ්ඩ විනාශ කරදමලා

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ වලට මිල කළ නොහැකි තරමේ අලාභ හානියක් කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන තැනැත්තෙකු විසින් සිදුකර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. අදාළ භාණ්ඩ ‍කොළඹට ප‍්‍රවාහනය කිරීමට කටයුතු කිරීමේදී මෙම හානිය සිදුවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් දී ඔවුන් ද මෙම කාර්යයට යොදවා ගෙන ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.


 

කෞතුක භාණ්ඩ වලට සිදුවී ඇති හානිය පිළිබඳ අදාළ නිවේදනයේ දක්වා තිබෙන්නේ මෙලෙසිනි. ‘‘එස්. 3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇති අතර, ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා ඇත. තවත් පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට මිළ කළ නොහැකි හානියක් සිදුකර ඇත.



දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසල් දරුවන් වෙනුවෙන් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිිටින අතර, ඉතාමත් ව්‍යාජ ලෙස එම අරමුණම පෙන්වා, සිදුකරන ජාවාරම් වහාම නතර කරන ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහල මණ්ඩලයක් පත්කර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.‘‘