ඇමරිකාවේ 41 වන ජනපති වූ ජෝර්ජ් බුෂ් මියයයි

ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝර්ජ් හර්බට් බුෂ් (ජෝර්ජ් බුෂ්) ඊයේ (30) දින රාත්‍රියේදී මියගොස් තිබේ. ඔහු මියයන විට 94 වන වියේ පසුවූවේය. 


දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන ජෝර්ජ් බුෂ් හිටපු ඇමරිකන් ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පියා ද වේ. ජෝර්ජ් බුෂ්ගේ බිරිඳ වූ බාබරා ද පසුගිය අප්‍රේල් 17 වැනිදා සිය දිවියෙන් සමුගත්තාය.


සිය පියාගේ මරණයත් සමග ප්‍රකාශයක් නිකුත් කළ ජෝර්ජ් බුෂ් පවසන්නේ, ‘‘අතිවිශිෂ්ට තැනැත්තෙකු මෙන්ම පුතෙකුට හෝ දුවෙකුට ජීවිතයේ හමුවන විශිෂ්ටතම පියෙකු බවයි‘‘




[caption id="attachment_22282" align="alignleft" width="300"] මරණය ගැන නිකුත් කළ ට්වීටර් පණිවිඩය[/caption]

 

 

 

 

 

 


මිල්ටන් හි දී  ඉපදුණු ජෝර්ජ් බුෂ්ගේ පියා ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයෙකු වූවේය. ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන කීපයක අවස්ථා මෙහි දිගහැරේ.


 

 

1924 -  බුෂ් කුඩාවියේදී




[caption id="attachment_22290" align="aligncenter" width="487"] බුෂ් 1924 දී සිය සොහොයුරු ප්‍රෙස්කොට් සමග [/caption]

1942 - හමුදා සේවය අතරතුර


තරුණ බුෂ් සිය 18 හැවිරිදි වියේදී හමුදා සේවයට එක්වී දෙවන ලෝක යුද්ධයට ද දායක වී තිබේ. එකල ගුවන්නියමුවෙකු ලෙස කටයුතු කළ බුෂ් ජපන් හමුදාව 1944 දී එල්ල කළ ප්‍රහාරයක් හමුවේ මුුහුදට ගොඩබා අසීරුවෙන් සිය ජීවිතය බේරාගැනීමට සමත්වූවේය.



1945 - යුද බිමෙන් යුග දිවියට


යුධ බිමෙන් නික්මී 1945  වසරේ ජනවාරි 6 වැනිදා නැවත සිය නිවසට පැමිණියේය. ඉන්පසු, සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර මුණගැසුණු බාබරා පියර්ස් සමග විවාහ වන ජෝර්ජ් ඇමරිකන් ජනපතිවරුන් අතරින් දිගුකාලයක් එකට දිවිගෙවූ යුවළ ද විය.




[caption id="attachment_22292" align="aligncenter" width="366"] බුෂ් යුවළ සිය පුතු ජෝර්ජ් සමග 1947 දී[/caption]

1948 - යේල් සරසවියේදී 


ඔහු යේල් විශ්වවිද්‍යාලයේ Skull and Bones සංගමයේ සාමාජිකයෙකු මෙන්ම බේස්බෝල් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ටෙක්සාස් හි තෙල් සමාගමක රැකියාවක නියැළුණේය.




[caption id="attachment_22293" align="aligncenter" width="506"] බේස් බෝල් කණ්ඩායමේ නායකයා ලෙස[/caption]

ටෙක්සාස් හි ඛණිජ තෙල් ගවේෂණය කරන සමාගමක් 1951 දී පිහිට වූ ජෝර්ජ් ඉන් වසර දෙකකට පසුව Zapata Petroleum නමින් තවත් සමාගමක් ආරම්භ කළ අතර කෙටිකලකින්ම මිලියනපතියෙකු බවට පත්වූවේය.


දේශපාලන ජීවිතයට පිවිසීම -  1963 


හැරිස් හි රිපබ්ලිකන් කමිටුව වෙනුවෙන් තරඟ කළ ජෝර්ජ්ගේ ජයග්‍රහණය රිබබ්ලිකන් නායකයින්ගේ ද අවධානයට ලක්විය.


පරාජය - 1964 


ජනපති රිඩච්. එම් නික්සන්ගේ වුවමනාව නිසාම සෙනෙට් මණ්ඩලයට තරග කළ ජෝර්ජ් රැල්ෆ් යාබොරෝ හමුවේ 43 % ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පරාජයට පත්වූවේය.




[caption id="attachment_22294" align="aligncenter" width="497"] 1964 දී[/caption]

හූස්ටන් දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  1966 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ ජෝර්ජ් පැවසුවේ, ‘‘මාව තෝරාපත්කරගන්න අන්ත දක්ෂිණාංශික පිඝිවෙත් අනුගමනය කළා. ආයේ කවදාවත් ඒ දේ කරන්න හැකිවේ යැයි හිතන්නේ නෑ‘‘ 


ජෝර්ජ් නැවත වතාවක් සෙනෙට් මණ්ඩලයේදී ලියොඩ් බෙන්ස්ටන් 1970 දී පරාජයට පත්වූවේය.


ඇමරිකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංගමයට දායකත්වය ලබාදීමට  1971 දී  ඔහුට අවස්ථාව හිමිවු අතර මේ සඳහා බුෂ්ට පවතින සුදුසුකම් ද විවාදයට බඳුන් වූවේය.




[caption id="attachment_22295" align="aligncenter" width="547"] UN නියෝජිතයා ලෙස[/caption]

රිචඩ් නික්සන් විසින් බුෂ්ව වෝටර්ගේට් සිද්ධිය ආරම්භක සමයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුවේ නියෝජිතයා ලෙස පත්කළ අතර පසුව නික්සන්ට ඉල්ලා අස්වීමට බලකළ පිරිස සමග ද ඔහු එක්වූවේය.



1975 - චීනයේ 


ජෙරාඩ් ආර්. ෆෝර්ඩ් ජනපති ධූරය දරන සමයේදී බුෂ් ව ඇමරිකාව වෙනුවෙන් චීනය නියෝජනය කිරීමට පත්කළේය.




[caption id="attachment_22297" align="aligncenter" width="523"] බුෂ් යුවළ 1975 චීනයේදී[/caption]

සෙනෙට් සභාව විසින් ජෝර්ජ් බුෂ් මහතා 1976 දී ජනවාරි මස 27 වැනිදා C.I.A. ප්‍රධානියා ලෙස පත්කළේය.


රොනල්ඩ් රේගන්ගේ ඉල්ලීම පරිදි 1980 දී  උප අගමැති බවට පත්වන බුෂ් ඇමරිකානු ජනතාව අතර ජනප්‍රියවන්නට පටන්ගත්තේය.


1980 - රේගන් සමග 



ඇමරිකන් ජනපතිධූරයට -  1988 


ඇමරිකන් ජනපතිධූරයට පත්වූ බුෂ් - මයිකල් ඩකාකිස්ව පරාජය කිරීමට සමත්වූවේය. ආසන 426 ක් දිනාගත් බුෂ් 54 % ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තේය.



පැනමා ආක්‍රමණය - 1989 


පැනමා ආක්‍රමණය 1989 දෙසැම්බරයේදී මෙය සිදුවිය. බුෂ්ගේ උපදේශකත්වයෙන් මෙය සිදුවිය.


1990 - විශේෂ අවශ්‍යතා වලින් යුතු අය වෙනුවෙන් පනතක්


සුවිශේෂී Americans With Disabilities Act අත්සන් කිරීම මගින් ආබාධිතයින්ට එරෙහි සියළු වෙනස්කොට සැලකීම් නවතාලිය යුතු බව පිළිගත්තේය.



1991 - ගල්ෆ් යුද්ධය 


ගල්ෆ් යුද්ධය 1991 දී ආරම්භ වූ අතර ඉරාක හමුදා ක්වේටය ආක්‍රමණය කිරීම වැළැක්වීමට 1991 ජනවාරි 16 වැනිදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළේය.



 

න්‍යෂ්ටික අත්හදාබැලීම් - 1991 


බුෂ් හා ගොර්බචොක් අතර Strategic Arms Reduction සම්මුතියට අත්සන් තැබුණි.



 

2001 - පියා හා පුතු 


ආසන 271 ක් ලබාගෙන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනපතිධූරයට පත්විය.




[caption id="attachment_22304" align="aligncenter" width="594"] පියා හා පුතු[/caption]

2005 - සුනාමි විපත හමුවේ ක්ලින්ටන් සමග 


දකුණු ආසියාව සුනාමි විපතින් 2005 වසරේදී දැඩි හානියට පත්වීමත් සමග බිල් ක්ලිටන් සමග එක්වී ආපදාවට පත් තැනැත්තන්ට උදව් උපකාර කිරීමට එක්වූ අන්දම


 

[caption id="attachment_22310" align="aligncenter" width="614"] මෙරටදී ලබාගත්තකි[/caption]



 

 

 

 

 

 

ජෝර්ජ් බුෂ්ගේ ජීවිතය ගැන කෙටියෙන් 



 

 

 

New York Times ඇසුරිනි