‘ද හින්දු‘ පුවත්පතේ පළවී තිබෙන ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව බොරුවක් - රාජිත

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය රෝ සංවිධානය විසින් දියත් කරනු ලැබූ බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා ඒ ගැන දැන නොසිටි බවත් ඊයේ (16) දින පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිතුමා නොපැවසූ බව  ‘ද හින්දු‘ පුවත්පතේ පළවී තිබෙන පුවත ගැන මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (17) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  පැවසුවේය.


‘රෝ එක ගැන කිසි කතාවක් ඊයේ  කැබිනට් හමුවේදී ජනාධිපතිතුමා කිව්වේ නැහැ. ‘ද හින්දු පුවත්පත‘ නෙමෙයි හැම පුවත්පතම වාර්තා කරලා තියෙනවා වැරදියි‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. 



 

 

සබැඳි පුවත් 

Indian Spy Agency plotting my assassination — Sri Lankan President