නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ‘සුළඟ අප රැගෙන යාවි‘ 58 වන ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018 Best Story තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත.
මෙහිදී සම්මාන 28 ක් උදෙසා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරන නිර්මාණකරුවන් තරඟ වැදීමට නියමිත අතර ලොව පැරණිතම සිනමා උළෙලක් වන මෙය පළමුවරට 1954 වසරේදී තෝකියෝවේදී ආරම්භ වුණි. ආසියා පැසිෆික් කලාපයේ Federation of Motion Picture Producers මගින් මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
ඉන්දියාව, ජපානය, තායිවානය, බංග්ලාදේශය, වියට්නාමය, ඉරානය, ඉන්දුනීසියාව හා හොංකොං ආදී රටවල සිනමා නිර්මාණ ශිල්පීන් මෙම උළෙලේදී තරඟ වදියි. ලොව ප්‍රකට කෑන්ස් සම්මාන උළෙලේදී ජයග්‍රහණය ලැබූ සිනමා නිර්මාණ පවා මෙහිදී තරඟ වැදී ඇති අතර මීට පෙර කිසිදු ලාංකීය නිර්මාණකරුවෙකු මෙහිදී ඇගයීම් ලබා නැති පසුබිමක සිය කුළුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් අවසන් වටයට තේරී පත්වීමට නුවන් ජයතිලකට හැකියාව ලැබීම ජාත්‍යන්තරව ඔහු ලැබූ විශාල ජයග්‍රහණයකි. 2018 සම්මානලාභීන්ගේ අවසන් ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ දැනගන්නට ලැබේ.
මේ වන විටත් විදෙස් සිනමා සම්මාන උළෙලවල් කිහිපයක් නියෝජනය කළ මෙම කුළුදුල් නිර්මාණය හිමිකරගත් සම්මාන හා ඇගයීම් මෙසේය.
ලොව හොදම චිත්‍රපටිය - 2016
මෙත්‍රො කොමන්ත්රො කොර්තො සිනමා උළෙල - ඉතාලිය
ගෞරවනීය රෙමී සම්මාණය -2016
හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙල - ඇමරිකාව
ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු සිනමා උළෙල - 2016
ටොරොන්ටෝ ජාත්‍යන්තර ලෝක සිනමා උළෙල - 2016
මෙල්බන් ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල - 2016
රෝමයේ සිනෙමා ඞ් රින්ගේරා සිනමා උළෙල - 2016
නෙදර්ලන්තයේ සිනේකිඞ් සිනමා උළෙල - 2016
මිලානෝහි සිනෙමා ඩි මැන්ඩෝ සිනමා උළෙල - 2016
ආදියේදී තරඟකාරී අවසාන වට වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රදර්ශණය කිරීමේ අවස්ථාව හිමිවිය.
මීට අමතරව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සියල්ලෙහිම මෙන්ම ලන්ඩනය, ජර්මනිය, ඉතාලිය ඇතුළු රටවල ප්‍රධාන නගරවල පැවති විශේෂිත දර්ශන වාර වලදී දෙස් විදෙස් පේ්රක්ෂක ආකර්ශණය දිනාගෙන ඇත ‘සුළඟ අප රැගෙන යාවි‘ සිනමා නිර්මාණය පසුගිය දෙරණ සිනමා උළෙලෙහි සමාරම්භක චිත්‍රපටිය වෙමින් ප්‍රථමවරට මෙරට පේ්රක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවුණි.
තවම තිරගතවීමේ වරම් නොලද අධ්‍යක්ෂවරයෙක්ගේ මුල්ම සිනමා කෘතිය උදෙසා පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය සදහා වන කාණ්ඩයෙන් එය පසුගිය සරසවි සම්මාණ උලෙළ නියෝජනය කළේය. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදි ද තිරගත වීමට නියමිත එය පවුලේ සැමට රස විඳිය හැකි සිනමා කෘතියක් ලෙස එය ළගදීම මෙරට ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමේ භාග්‍යය උදාවෙනු ඇත.
තවමත් සිනමාහල්වලට මුදා නොහැරුනු සිනමාපටය පිළිබඳ චිත්‍රපට අධ්යක්ෂ නුවන් ජේ විසින් තම මුහුණු පොතට එක් කරණ ලද පහත සටහන ඉතාම සංවේදීය.
"ලාංකීය පොළව මත කුළුඳුලෙහි උපන් සිනමා සිහිනය මියෙමින් තිබේ. අකාරුණික සමාජයක සිනමාපට 80 වක පෝලිමක උභතෝකෝටිකව පස් වසර සමරන්නට වීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටිමි. මේ ජයග්‍රහණය ඒ කඨෝර කතරට ක්ෂේමභූමියක් වගෙයි. සිනමාව වෘත්තීය කරගන්නට සිහින දුටු මොහොත ගැන මතකය තවමත් අද ඊයේ වගෙයි. එදා පටන් මේසා කලක් සෙනෙහසින් මා දිරිමත් කරන, අතැඟිලි වලටත් වඩා කුඩා සුළුතරයට මේ සතුට ඒ විසල් සුළගේ අපූර්වත්වය සමග පා කර එවමි."
Home සුළඟ අප රැගෙන යාවි ‘සුළඟ අප රැගෙන යාවි‘ ආසියානු පැසිෆික් සිනමා උළෙලට
‘සුළඟ අප රැගෙන යාවි‘ ආසියානු පැසිෆික් සිනමා උළෙලට
By azad • August 21, 2018 • Art award film Films nuwan the wind beneath us විශේෂාංග ශ්‍රී ලංකාව සිනමා සුළඟ අප රැගෙන යාවි • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment