වහා සිය දුරයෙන් අගවිනිසුරු ඉවත් කල යුතුයි. - බැසිල් ප්‍රනාන්දු

නිතිය මත පිහිටි පාලනයක් ඇති කිරීම සහ අධිකරණයේ ස්වාදිනත්වය මෙන්ම ගෞරවය ස්ථාපිත කිරීම උදෙසා වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් සිය දුරයෙන් වහා ඉවත් කල යුතු බව බැසිල් ප්‍රනාන්දු මහතා අවදාරණය කරයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ නීති ආරක්ෂා කිරීම උදෙසා නීති කැඩීම ගැටළුවක් නොවන බවයි. ලෝකයේ වෙනත් රටවලද නිතිය බල ගැන්වීම (නිතිය මත පිහිටි පාලනයක් ඇති කිරීම) උදෙසා ලැබුණු අවස්ථා ගිලිහුණු අයුරු පෙන්වා දෙමින් ඔහු අවදාරණය කලේ උදා වූ ස්වර්ණමය අවස්ථාව උපයෝගී කරගෙන මේ සීමිත කාලය තුල ඒ සදහා ප්‍රබල මැදිහත්විමක් සිදුවිය යුතු බවයි. බැසිල් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශකලේ අද(23) උදැසන පුස්තකාල හා ප්‍රලේකණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවතී විද්වත් කතිකාවතේදිය. මෙය ජනසංසදය මගින් සංවිදානය කරනු ලැබ තිබු අතර, බැසිල් ප්‍රනාන්දු මහතා ආසියානු මානවහිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරයකුද වේ.