"රටටම වණයක් වූ පවුල් වනය" සම්පූරණයෙන් කියවන්න

"රටටම වණයක් වූ පවුල් වනය" නමින් මුද්‍රණය කරන ලද පොත් පිංචක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් 300ක් පමන සිරිකොත වටලනු ලැබුවේය. ඒ ඊයේ දිනයේදීය.

එහි ගිය රහස් පොලිස් නිලධාරීන්ට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති උපදේශකවරයා වන නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසා ඇත්තේ ‘රාජපක්ෂ පවුල් ගහ බලන්න සිරිකොතට ඇවිත් වැඩක් නෑ. කට්ටියම අරලියගහ මන්දිරයට ගියොත් රාජපක්ෂ පවුල් ගහ ඇස්දෙකෙන්ම දැක ගන්න පුළුවන්' කියාය.

රහස් පොලිස් නිලධාරීන් අත තිබූ සෝදිසි වරෙන්තුව නිරීක්ෂණය කර ඇති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා රහස් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ එම විවෘත සෝදිසි වරෙන්තුව යටතේ ඔවුන්ට එජාප මූලස්ථානය පරීක්ෂා කළ නොහැකි බවයි. සෝදිසි වරෙන්තුවේ සෝදිසි කළ යුතු ස්ථානය නිශ්චිත වශයෙන් දක්වා නැත්නම් එය ක්‍රියාත්මක කළ නොහැකි බවට නීතිඥවරයා ගෙන ආ නීතියම තර්කය අකමැත්තෙන් වුව පිලිගැනීමට රහස් පොලීසියට සිදුවී ඇත.

මේ පිළිබඳව රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ ‘රේඩ් එකට යවපු එවුන් තුන්සීයෙන් දෙසිය පනහක් යූඇන්පී කාරයො. තව හතලිහක් මෛත්‍රීපාලගෙ මිනිස්සු. ඉතුරු දහ දෙනත් අඩමානයි. අනික කොල්ලො කැමති නෑ මේවගේ දේවල්වලට අතදාල එෆ්ආර් ( මානව හිමිකම් නඩු) දාගන්ඩ. අපි වුනත් පරිස්සමෙන් වැඩ කරන්ඩ ඕනෙ සර් මේවෙලාවෙ' යනුවෙන් කී විට අමාත්‍යංශ ලේකම් මහින්ද බාලසූරිය පවා නිශ්ශබ්දව සිට ඇත.

"රටටම වණයක් වූ පවුල් වනය" සම්පූරණයෙන් මෙහි පළ කොට ඇත. ඊට අපගේ කෙටි හැඳින්වීමක් එක් කොට ඇති බව සැලකුව මනාය. 

Download Here