''අපි හැම වරදක්ම කරලා තියෙනවානම් මෙයාලත් ඒකට සම්මාදම් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනාම කරන වැරදිවලට ඇයි මට බනින්නේ.'' යනුවෙන් ඊයේ (26) පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් නිහඬ කර විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් සංවර්ධනය මුවාවෙන් සිදුකළ මාහාපරිමාණ ව්‍යාපෘති හරහා සිදු වූ වංචා, දූෂණ, නාස්ති පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂයෙන් එල්ලවන චෝදනාවෙන් නිදහස් වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල දැඩි උත්සාහයක් ගනිමින් සිටී.
විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වන චෝදනාවලට කැබිනට් මණ්ඩලයේ සිටී මෛත්‍රීපාල සිරිසේන මහතාත් වගකිව යුතු බවට දැන් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සූදානම් වන්නේ තමන් ඒ සියල්ල කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බවත් ඒ සියලුදෙනාම එල්ල කරන චෝදනාවලට වගකිව යුතු බවත් තහවුරු කරමින් තමන්ගේ ඇග බේරා ගැනීමේ උත්සාහයක නිරත වීමටය.