මේ දිනවල නිතිපතා අරලිය ගහ මැදුරේ පැවැත්වෙන ජනාධිපතිවරණ දැන්සැල් සඳහා වන වියදම් පියවීම සඳහා ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවලින්ද මුදල් කොල්ල කන බව හෙළිවේ.
මේ බව සනාතකරන ලියැවිල්ලක් අපවෙත ලැබී තිබේ. පසුගිය 10 වන දින හා 11 වන දින අරලිය ගහ මන්දිරයේ පැවැති දන්සල වෙන්වූයේ ගොවි නියෝජිතයන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරින් වෙනුවෙනි.
මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන් වූ වියදම එකතුකර ගැනීම සඳහා ගොවිජන සංවර්ධන කොමසාරිවරයාට පවරා තිබේ. ඒ අනුව ඔහු විසින් සිදුකර ඇත්තේ සියළූම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන්ට මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් 'ප්‍රමුඛ අවධානයට' යනුවෙන් වූ නියමයක්ද සහිත ලිපියක් යොමු කර ඇත. එහිදී ලබා දිය යුතු මුදලේ ප්‍රමාණයද දක්වා ඇත.
ජනාධිපති මන්දිරයට පිරිස් ගෙන්වාගෙන දන්සල් දීම ගැන ගැටලුවක් නැත. එමෙන්ම තමන්ගේ සමුගැනීමේ සාදය ලෙස මෙම දන්සල් වටය පැවැත්වීම සිදුවන්නේ නම් ඒ ගැනත් කිසිවකුත් විරුද්ධ නොවනු ඇත. එමෙන්ම ජනාධිපතිවරණ මෙහෙයුමක කොටසක් ලෙස මේ සිදුවීමත් මේ සඳහා රජයේ මුදල් වැය කිරීමත් ඒ නීති විරෝධී කටයුතක් වීමත් මෙරට ක්‍රියාත්මක අවනීතියේ හැටියට ගනන් ගත යුත්තක් නොවේ.
මෙහි තිබෙන දුක්ඛදායි තත්වය නම් මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය රාජ්‍ය අයතනවල සොච්චම් ගිණුමෙන්ද මුදල් ඇද ගැනීමය. ප්‍රාදේශිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ආයතනවලින් කෙරෙන්නේ ඇට ටිකක් පැල ටිකක් නොමිළයේ බෙදා හැරීමක් කෘෂි උපදේශන සේවාවන් පවත්වා ගැනීම ආදී ගොවි මහතුන්ගේ එදිනෙදා අවශයතාවයන් සඳහා මැදිහත් වීමය. වගා සංග්‍රාම, දිවි නැගුම් යනුවෙන් ලොකු නම් තිබුණද මෙම ආයතනවලට කිරීමට තිබෙන වැඩ කොටස කිරීමටවත් ඊට ලබාදෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව අමුතු කතාවක් නොවේ.
ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපතිවරණ දන්සල් කටයුත්ත සඳහා කිසිදු හිරිකිතකින් තොරව කොල්ලකා ඇත්තේ මේ සොච්චම් මුදලයි.

මෙය වෙනත් නිදසුනකින් කියන්නේ නම් සූදුවට ඇබ්බැහි වූ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාගේ කැටය කඩා සූදු කෙළීම හා සමාන කරුණකි.
එමෙන්ම මේ දන්සල් ගොස් කන බොන මිනිස්සු ජනාධිපතිවරයාටම පින් දී එනවාද ඇත. තමන්ගෙන් හොරා ගන්නා ලද මුදලින් ලැබෙන දානයකට පින් දීමෙන් ඇති පල කුමක්දැයි මේ මිනිසුන් තේරූම් නොගන්නා තාක්කල් බයියන්ටත් දෙයියන් මෙන් වැජඹිය හැක.