"මම හිතන්නේ අපි සිවිල් සංවිධාන හැටියට පමණක් නෙවෙයි, දේශපාලන පක්‍ෂ හැටියටත් නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරිමට ඇති අයිතිය තහවුරු කරගන්න ආරක්‍ෂාකර ගන්න බියවැද්දීමකින් තොරව අපේ කාර්යයන්වල යෙදෙන්නට අවශ්‍යයි කියලා මම හිතනවා, ඒ නිසා, මම යෝජනා කරනවා, අපි දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන පොලිස්පතිව මුණගැහිලා හරි අපි කියන්නට ඕනෙ මෙහෙම නමක් ගමක් නැතිව ගහන නීති විරෝධී පෝසටර් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීම පිළිබඳව ඔහු වගකිම දැරිය යුතුයි කියලා." යනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අද(ඔක්තෝම්බර් 30) කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ඔක්තෝම්බර් 27 වෙනිදා පැවැත්වු අතුරුදහන්වුවන් සැමරීමේ ජාතික උත්සවයට සමගාමිව ඔක්තෝම්බර් 26වෙනි දා මධ්‍යම රාත‍්‍රියේදි, අතුරුදහන්වුවන් සැමරීමේ වැඩසටහන සමඟ සමීපව කටයුතු කරනු ලබන පුද්ගලයින් කිහිපදෙනෙකු ඡයාරූප ඇතුලත්කොට නිර්ණාමිකව අපහාසාත්මක මඩ පෝස්ටර් දෙකක් නිර්මාණයකර තිබුණු අතර, එම නිහීන ක‍්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද දහවල් මරදාන සි එස් ආර් මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුක් පැවැත්වුණි.
මාධ්‍ය අමතා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂක ආචාර්ය පාකි්‍යසෝති සරවනමුත්තු , ජාතික ධිවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර, මොන්ලාර් ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ, එක්සත් සමාජවාදි පෙරමුණේ නායක සිරිතුංග ජයසුරිය යන අය අදහස් ඉදිරිපත් කළහ.
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු තවදු රටත් අදහස් දක්වමින් කියා සිටියේ : "අද රටතුළ අතුරුදහන් විෂය බරපතළම සහ පෙන්නන්නම බැරි විෂයක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම උතුරේ අම්මලාට දකුණට එන්න නොදෙන ප‍්‍රවනතාවය අපි කඩා දමන්නට ඕනෙ, මොකද, ආණ්ඩුව හිතනවා අපි එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරීක්‍ෂණයට සහය වීම සඳහා මේ කටයුතු කරනවා කියලා. නමුත් අතීතයේදි අතුරුදහන්කරවීම් වලට විරුද්ධවුණු ,එකට පාරේ ගිය මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ අද අපිට සිද්ධවෙලා තිබෙන්නේ කවදාවත් නැති විධියට , නරක විධියට මුහුණ දෙන්න වෙලාතිබෙනවා. 1989 ඉඳලා මේ සැමරුම කරන කලේ ඉඳලා ගෙවල්වලට ගල් ගැහුවෙත් නැහැ, පොස්ටර්ස් ඇලවුනෙත් නැහැ. නමුත් අද බොහෝම දරුණු තත්ත්වයකට රට ගමන්කරමින් යනවා."
ආචාර්ය පාකි්‍යසෝති සරවනමුත්තු අදහස් දක්වමින් කියා සිටියේ , පොලිසියේ හා රාජ්‍ය මැදිහත්කම හා දැනුවත්කම නොමැතිව මෙවැනි පෝස්ටර්ස් අලවන්නට පුළුවන් කමක් නැති බවයි. රාජ්‍ය බලය තුළ හිිදිමින් මිස එවැන්නක් අප වැනි පුද්ගලයින් හට කරන්නට නොහැකි බවයි. කිසිම බියක් සැකයක් නොමැතිව රට පුරා ඔවුන් එසේ කරන්නේ නීතිමය වශයෙන් තීන්දුවක් , දඩුවමක් නොලැබෙන බව ඉතාම හොඳින් දන්නා නිසා යැයි ද පෝස්ටරයේ ලියා තිබෙන ආකාරයට සිවිල් සංවිධාන නියෝජිතයින් ජාතිද්‍රෝහින් ලෙසට හංවඩු ගැසීමේදි රටේ සාමාන්‍ය සිවිල් ජනතාව වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ල කිරිමට ඉතාම පහසු යැයි ද මානව හිමිකම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් හෝ පාලනය සම්බන්ධයෙන් කෙරෙන කවර ආකාරයකවත් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරමක් හඳුනාගන්නට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ, හෝ අවම වශයෙන් ඔවුන් එවැනි ක‍්‍රියාවන් ඉවසන්නේවත් නැහැ."
මොන්ලාර් ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ මහතා අදහස් දක්වමින් : "මර්ධනයට එරෙහිව අපි ක‍්‍රියාකළ යුතු වෙනවාමයි මොකද ඉදිරි කාළය තුළදි ජනාධිපතිවරණය මැතිවරණය ඉලක්ක කරගෙන නිශ්චිතවම දේශපාලනය , නීතිය, සංවර්ධනය යන අංශ පිළිබඳව කථාකරන ක‍්‍රියාකාරින්ටත් ක‍්‍රියාකාරි කණ්ඩායමි වලටත් එල්ලවෙන්නට තිබෙන ප‍්‍රහාරයන් වැඩියි. මීට ශක්තිමත්ව මුහුණ දෙන්නට සිවිල් සංවිධාන එකමුතුවක් ලෙසට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපි පෙරමුණ අරගෙන විශේෂයෙන්ම ප‍්‍රජාව මේ ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධකර ගෙන කටයුතු කළ යුතුයි කියලා මම අදහස් කරනවා."යැයි පැවසීය.
ජාතික ධිවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා මාධ්‍ය අමතමින් : "අතුරුදහන්කරවුවන් සිහිකිරිම ආරම්භ වෙන්නේ 1991දි, ඒ අතුරුදහන්කිරීම් සිදුකරපු ආණ්ඩුවේ කාලසීමාවෙදි, ඒ වුනත් ඒ වසර කිහිපය 1993 වෙනකම් මෙවැනි තර්ජනයක් එල්ල වී නැහැ මේ සැමරුම් ක‍්‍රියාවලියට. ඉන් පෙනෙන්නේ, ඉතාම දරුණු මර්ධනකාරි තත්ත්වයක් කරා අද රට ගමන්කරමින් සිටින බවයි. වසර 24ක් පුරාවට සිදුකරනු ලැබු මේ සැමරුමට එරෙහිව එල්ලකළ මෙවැනි ගල් ප‍්‍රහාර සහ පෝස්ටර් තුළින් අපිට පෙන්වන්නේ එකක් මෙම සැමරුම් ක‍්‍රියාවලිය මර්ධනය කිරිමත්, ප‍්‍රථිවිරුද්ධ මත දරණ පුද්ගලයින් , දේශපාලන හෝ සිවිල් ක‍්‍රියාකාරින් මර්ධනය කිරිමට ගන්නා උත්සාහයක් ලෙසටයි."
"අපි අවධාරණයකර කියා සිටිනවා මෙවැනි මර්ධනකාරි පියවරවලට දේශපාලකයින්වත් සිවිල් ක‍්‍රියාකාරින්වත් මර්ධනය කරන්නට බැරි බව. අපිට විශ්වාසයි, එවැනි මර්ධන වැඩි වෙන්නට, වැඩි වෙන්නට ජනතාව වඩාත් පෙරමුණට එයි කියලා. මර්ධනය වැඩිවීම තුළ නිදාගෙන සිටින මේවාට විරුද්ධව යම්ප‍්‍රමාණයකින් නිහඬව සිටින පිරිස් අවදිවෙලා විශාල බලපෑමක් ඒ අපරාධයන්වලට අනුබල දෙන , මෙහෙයවන , නායකත්වය දෙන පුද්ගලයින්ට විරුද්ධව ගන්නා බව අපිට විශ්වාසයි. මෙවැනි නිහීන ක‍්‍රියා තුළින් ජනතාවත් ක‍්‍රියාධරයින්වත් නිහඩ කරන්නට බැරි බව කිය යුතුයි. අනිවාර්යයෙන්ම ජනතාව පෙරමුණට ගැනීම සඳහා ක‍්‍රියාකාරි වන බව ප‍්‍රකාශකරන්න කැමතියි."
එක්සත් සමාජවාදි පක්‍ෂයේ සිරිතුංග ජයසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ , "මහින්ද ගෝඨාභය හය්ය තුළ ඒකාධිපති ක‍්‍රියාකාරිත්වය මගින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙන හඩ යටපත්කිරීම කුඩුපට්ටම්කර දැමීම තමයි සිදුවන්නේ. මේ තුළින් අපට පෙනෙනවා එළඹෙන මැතිවරණය කොයි ආකාරයෙන් සිදුවෙයිද කියා! ගසන්නට බැරි පෝස්ටර් අද රටපුරා ගසාගෙන යනවා. අපි ගසන පෝස්ටර් පැයක්වත් තියෙන්නෙ නැහැ. ඒවාට සංවිධානය කරලා ඉන්න පිරිස ඇවිත් ඒ අය ලඟ තිබෙන සෙට් පෝස්ටරයක් අපේ පෝස්ටරයට උඩින් අලවලා යනවා. ඒකාධිපති පාලනයන් අපි ලෝකෙ පුරා දැක තිබෙනවා. එවැන්නක් තමයි මේ රාජපක්‍ෂ ගෙනියන්නෙත්. අපිට දැකගන්න පුළුවන් එළඹෙන මැතිවරණය, මැතිවරණයකට වඩා උග‍්‍ර ලෙස ජාතිවාදය ඉස්මතුකරගත්ත ගැටුම් ඇතිවෙන මැතිවරණයකටයි ගමන්කරන්නේ. කාට ඡන්දය දුන්නත් මේ යන තත්ත්වයට විරුද්ධව ක‍්‍රියාකරන්න සියලූම ජනකොටස් කම්කරු පන්තිය ශිෂ්‍යයෝ තරුණයෝ ධිවරයෝ සියලූමදෙනා පෙළගස්වමින් එක්සත් හඩක් ගොඩනංවන්නට කටයුතු කළයුතුයි."