අබ සරණ ගිය මඩකලපු දේශනාව

| සුනන්ද දේශප්‍රිය

අබ සරණ නිකායේ මඩකලපු  දේශනාව සවන් දෙන්නට ඔබට අවාසනාවක් තිබුනේ ද? මෙම දේශනාව පවත්වන ලද්දේ පසුගිය 24දා මඩකලපුවේ නගරයෙහි පිහිටි බෞද්ධ පන්සලෙහි දී කලඑලියේම ය. එය පවත්වන ලද්දේ මඩකලපු පන්සලේ අම්පිටියේ සුමනරතන හිමියන් විසින් රාජ්‍ය නිලධාරීන් අභිමුඛවය.

පන්සලෙහි විදුලි පරිභෝජනය සම්බන්ධ ප්‍රශ්ණයක් සම්බන්දයෙන් කොළඹ සිට පැමිණි රජයේ නිලධාරීන්ට පන්සලට ඇතුලු වීමට ඉඩ දෙනු වෙනුවට එහිමියන් අබ සරණ දේශනාවක් පටන් ගත්තේ ය. අබ සරණ නිකායේ මහා නායක වන ඥානසාර හිමි විසින් කලින් කළ වදාරණ ලද මෙවැනි දේශණා අන්තර් ජාලයේ සැරි සරයි.

ශ්‍රී ලංකාවේ බුදු දහමට ඥණසාර හිමි විසින් කරන ලද දායකත්වය වන්නේ බුදු දහමේ එන කෝටියක් සංවර ශීලය වෙනුවට පරයින් කපව් කොටව් මරව් යනාදී මැර භාෂාව එක් කිරීම ය. ඥානසාර හිමියන්ගේ දේශනා අසා සිටින සුදු ඇදගත් බෞද්ධ සදැහැවත්හු ග්‍රහණය කර ගන්නේ එම මැර දේශනා ය. ඔහු දේශනා කරන්නේ බුදු සරණ වෙනුවට අබ සරණ ය.

අබ සරණ ගොස් ඇති සුමනරතන හිමිගේ එකී මඩකලපු දේශණාව අන්තර් ජාලයෙන් අසා ඇති පිරිස් දහස් ගණනාවකි. එනමුත් අදුරැ වැටුනු වහාම බන දේශණා පටන් ගන්නා කිසිදු ගුවන් විදුලි නාලිකාවක් මෙවැනි දේශණා ප්‍රචාරය නොකරන නිසා අන්තර් ජාලය පරිහරණය නොරකන බෞද්ධ සැදැහැවත්හු මෙම දේශනාව ගැන නොද්න්නවා විය හැකි ය.

සුමනරතන හිමි සිවුර ගසා බසා දමමින් කළ අබසරණ දේශණයේ තිබූ කුණුහරුප ඒ ශෛලියෙන් ප්‍රසිද්ධියේ කියනු මා දන්නා කාලයක අසා නැත.

සුමනරතන හිමි පටන් ගන්නේ .රාජපක්ෂගේ ආශ්චර්ය මඩකලපුවේ එකම පන්සලට ඇඟිලි ගසන්නට ආවාදැයි නපුරු ස්වරයෙන් අසමිනි. අනතුරුව මෙසේ කිය යි. ‘ පල්ලි අහස උසට කොවිල් අහස උසට පලයව් ඒ ගම්මාන ඇතුලේ බලන්න, කොකු ගහල (විදුලිය) අරන් තියෙන ඒව බලන්න. මේ එකම පන්සලට ඇවිල්ල හු..... ( සංසර්ගයේ යෙදෙන්න), නොදකින් පක්කු. තොපට මේක කියන්න කැ...යො. මේ පන්සල් වත්ත අල්ලගෙන නඩු දහ අටක් කතා කරන එවුන් අර. හිනා වෙනව ඇති. පර හැත්ත. එන්න කියපිය පවිත්‍රා කියන හු...ට, ගනුදෙනු බේර ගන්න, තොපි රෙද්ද ඇට කාගෙන කරන්නෙ. කියපිය දා පියව් නඩු. මං බය නැහැ. පර හු... පුතා ‍ මේ කැ. ය කියනව ගෑනු ගේනවලු. මොන ගෑනිද ගෙනාවේ කියපිය.. මේකල මේ හු..ගේ පුතාල රාජපක්ෂගේ ඇට මිරිකළ අම්මට හැ...( සංසර්ගයේ යෙදෙන්න) පල හු..ගේ පුතා යන්න ( කියමින් සුමනරතන හිමි වැළැක්වීමට උත්සාහ දැරු තරුණ පුද්ගලයෙකුට චටාස් හඩින් පහරක් දෙයි). වීඩියෝ කරපිය, රැකෝඩ් කරපිය. පෙන්නපිය විදුලි බල ඇමැතිට ගෙනෙහිල්ල. එක සිංහල හු..ගේ පුතෙක් නැති මේ නැගෙනහිර දැන් ගිහින් බලපියව් හාල් එක ලිපේ. දන් හැන්දක් දෙන්න හු..ගේ පුතෙක් නෑ වටේ. තොපි එනව අම්මගේ හු.. චෙක් කරන්න. කැ.යන්ගේ ආශ්චර්ය. (අතින් කර පෙන්වයි) මඩකලපුවටම එකයි. හු.. පුතාල. අහගෙන ඉන්න කියපන්, දිපන් අහන්න. මඩකලපුවටම තියෙන එකම පන්සලට ඇවිත් කරන්නේ මොකක්ද කියළ අහපිය. තෝ කිව්වනේ මම ගැනූ ගෙනත් තියන් ඉන්නව කියළ. පෙන්නපිය. කැ. බල්ලෝ, තොපි දැන ගනියව් කැ. හු..ගෙ පුතාල, අම්මට හු....( සංසර්ගයේ යෙදෙන්න) මඩකලුපුවේ පන්සල් රැක්කේ ( සුමනරතන හිමි ඉදිරියට පැන නිලධාරියකුට පහරක් ගසයි.)

දේශනාව හදිසි අවසානයකට පැමිණේ.

මෙම දේශණාවේ ඇති කුණු හරැප නැතිව හෝ මෙම දේශනාව කරන ලද්දේ  ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාමීය ආගමික පූජකවරයකු විසින් නම් අද කුමන තත්වයක් එම ආගමට හෝ ආගමික ස්ථානයට සිදුව තිබෙන්නට ඉඩ තිබුනිද?  එසේ වූයේ නම් එම ආගමික ස්ථානයට එරෙහිව උද්ඝෝෂන කීයක් පවත්වන්නට ඉඩ තිබුනිද?

ඒ කෙසේ වෙතත් සුමනරතන හිමිගේ කුණු හැප දේහනාව ගැන කටක් හැර කතා කළ අයෙකු හෝ මේ නොපනත් බෞද්ධ විරෝධී හැසිරීම ගැන වාක්‍ය දෙකක් ලියූ කොළඹ සිංහල ඉංග්‍රිසි ජනමාධ්‍යක් හෝ නැත. බොහෝ විට සිදු වීමට ඉඩ ඇත්තේ විදුලිය විසන්ධි කිරීමට ගිය රජයේ නිලධාරීන් ගොදුරු බවට පත් වීම ය.

සුමනරතන හිමි අයත් වන්නේ රාජ්‍ය බලය හිමි බහුතර ජාතියේ ආගමට ය. ඉදින් ඔහුට විරුද්ධව ඇඟිල්ලක් ඔසවන්නේ කව්ද?

මෙම කුණු හරැප දේශණය වත්මන් ශ්‍රී ලංකාවෙහි  භයානක වර්ධනයක සළකුනකි. එනම් අන්තවාදී ප්‍රචන්ඩ බෞද්ධ ප්‍රවණතාවයන් සහ යුද හමුදා පිරිස් අතර ගොඩ නැගෙමින් පවත්නා බිය ජනක සම්බන්ධතාවය යි.

සුමනරතන හිමි මේ ප්‍රසිද්ධ කුණු හරැප දේශණය කරන්නේ තමන්ට එවැනි රැකවරණයක් ඇති බව සහතිකවම දන්නා නිසා ය‍.

වසර ගණනාවක් පුරා සුමනරතන හිමි යුද හමුදාවේ ආශීර්වාදය ලබමින් සිටින බව රහසක් නොවේ. කලක් පන්සල් භූමියෙහි පවා යුද හමුදා පිරිස් රැදී සිටියෝ ය. මඩකලපු නගරයේ කිසිදු සිංහලයකු නොසිටි බැවින් පන්සල නඩත්තු කරන ලද්දේද හමුදා පිරිස් විසිනි.

මෙ හිමියන් යුද හමුදාව සමඟ එක්ව දේමල ජනයාගේ ඉඩම් අල්ලා ගනිමින් සිටින බවට බාහිර සිංහල පිරිස් පදිංචි කරවමින් සිටින බවට ද දෙමළ ජනමාධ්‍ය වරින් වර වාර්තා පළ කර තිබේ.

රාජපක්ෂවරැන්ට පවා මෙළෙස ශුද්ධ සිංහලෙන් බඩ පුරා දීමට තරම් මැරකමක් ඇති සුමනරතන හිමි සුලුතර ජාතික දෙමළ සහ මුස්ලිම් ජනයාට කෙළෙස සළකනු ඇත් ද?

තමට මෙළෙස රාජපක්ෂවරැන්ට එරෙහිව කැතම කැත වචනයෙන් බැණ වැදීමට ඇති අයිතිය සුමකරතන හිමි සිය දේශනාවේ දෙතුන් පලකම සදහන් කරයි. එනම් තමා මඩකලපුවෙහි එකම පන්සල පවත්වා ගත් චීවරධාරියා වීමය. එමෙන්ම ඊටත් වඩා සිංහලයකු නොසිටි මෙම පෙදෙසෙහි සිංහලයින් පදිංචි කරවීමට පියවර ගත් චීවරධාරියා වීම ය. විදුලි බිල නොගෙවා සිටීමට හෝ කොකු ගසා විදුලිය හොරෙන් ගැනිමට හෝ තමමන්ට ඇති අයිතිය වශයෙන් ඔහු ඉදිරිපත් කරන්නේ එම කරුණු ය.

සුමනරතන හිමි කෙටියෙන් කියන්නේ මෙය යි: මඩකලපුවේ දෙමළුන්ට සහ මුස්ලිමුන්ට විරුද්ධව ඉන්න එකම හිමිනම  මමයි.  මට විරුද්ධව එන්න තොපි කව්ද? වෙනත් වචනයෙන් කියන්නේ නම් මඩකලුපුවේ පශ්චාත් යුද්ධ සැළසුම ගෙන යන බෞද්ධ හිමි තමා බවත් එබැවින් තමාට අත තැබීමට  කිසිවෙකුටත් බැරි බවත් ය. ඇත්තම කතාව නම් සුමනරතන හිමි මහජාතිවාදි රාජපක්ෂ දේශපාලන මතවාදයේ බිම් මට්ටමේ වැඩකරුවකු බව ය.  ඔහුට යකා නැග ඇත්තේ මෙතෙක් කාලයක් වැඩ ගැනීමෙන් අනතුරුව දැන් පන්සලෙහි විදුලිය විසන්ධි කිරීමට පැමිනීම ගැන ය.

සුමනරතන හිමියන්ගේ දේශනාවෙහි ස්වරය සහ චවන ශ්‍රී ලංකාවේ යුද්ධ බෞද්ධාගමේ ළකුණය.

අබ සරණයි.