ලංකාවේ විදේශ අමාත්‍යංශයේ කුණු ගඳ ගහන ඉතිහාසයෙන් බිඳක්

| උකුස්සා
උපුටා ගැනීම :- ලංකා ඊ නිව්ස්


අතීතයේ සිටද විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු දේශපාලනීකරණය කිරීම සඳහා වැඩියෙන්ම දායක වූයේ විෂය භාර අමාත්‍යවරයාය. ඒ අනුව හමීඩ් යුගය, කදිරගාමර් යුගය, බෝගොල්ලාගම යුගය යනුවෙන් කැපී පෙනෙන යුග ගණනාවක් වූ අතර එක් එක් ඇමතිවරයාට අනුව දේශපාලන ඇඟිලි ගැසීම් අඩුවැඩි විය. පත්වීම් ගත් කළ තානාපති නිලයන් හැරුණු විට සෙසු නිල සඳහා කරනු ලබන පත්වීම්වලට එකල ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමක් සිදු නොවීය. මීට පෙර සිටි ජනාධිපතිවරු විදේශ ඇමතිවරයාගේ කීමට පිටින් ගිය අවස්ථා වූයේද ඉතා සුලූ ප්‍රමාණයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමත් සමගම අඩුවැඩි නැතිව විදේශ අමාත්‍යංශය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පාලනය වන ආයතනයක් බවට පත් විය.

එසේම රාජපක්ෂ පවුලේ අයගේ සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන්ගේ අණසකට යටත්වීම හැර වෙන විලක්පයක් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ට නොවීය. තමන්ට වඩාත් පහසුවෙන් පාලනය කළ හැකි පුද්ගලයා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ගන්නා ලදී. අමාත්‍යංශයේ බොහෝ නිලධාරීන්ද විවිධ වරදාන වෙනුවෙන් තම වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුවීම ගැන වචනයක් හෝ කථා නොකළ අතර තමන්ගේ පස්චාත් භාගය හෝ පුදා තනතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ඔවුහු අනුගමනය කළහ. මෙම පසුබිම යටතේ චීන රතු මකරුන්ට රට විකිණීමට උදව් කිරීම නිසා අමුණුගමට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහුට ඉහළින් කීප දෙනෙක් සිටියද ලේකම් තනතුර හිමි කර ගන්නට හැකි විය. ඔහු හරහා සහ නිලනොලත් විදේශ ඇමති සජින් වාස් හරහා අමාත්‍යංශය දැඩි දේශපාලනකරණයකට ලක් කළ අතර විදේශ තානාපති කාර්යාලවල ඇති තනතුරු සංඛ්‍යාවෙන් සියයට 80 ක් පමණ දේශපාලන හෙංචයියන්ගෙන් පුරවන ලදී. වත්මන් සංදර්භය තුළ අමුණුගම භූමිකාව අවශ්‍ය නැත. මීළඟට අවශ්‍යව ඇත්තේ විදේශ සේවය දියකර හැර තමන්ට කැමති කෙනෙක් කැමති අවස්ථාවක තානාපති කාර්යාලවල තනතුරු සඳහා පත් කීරීමට අවැසි පසුබිම සකස් කර ගැනීමයි. එවන් කටයුත්තක් සඳහා වඩාත්ම සුදුසු තැනැත්තා නම් ජාතියක් ජම්මයක් නැති තම සුඛ විහරණය සඳහා ශරීරයේ ඕනෑම දෙයක් පුදන්නට සුදානම් කෙනෙකි. ඒ අනුව ෂේනුකා සෙනෙවිරත්න හෙවත් ෂේනුකා ද සිල්වා මෙම පසුබිමට වඩාත්ම සුදුසු පුද්ලයා වන්නේය.

ෂේනුකා ද සිල්වා විදේශ අමාත්‍යංශයට ඇතුලූ වන්නේ හමීඩ් ඇමතිවරයාගේ කාලයේදීය. එංගලන්තයේ ඇති විශ්ව විද්‍යාල කඩයක ලංකාව තබා ඉතියෝපියාව වත් පිළි නොගන්නා සහතිකයක් රැගෙන පැමිණෙන ඇයව ඇයගේ මාමා කෙනෙක් හමීඩ් නැමති ස්තී්‍ර ධූර්තයාට භාර දෙන්නේ ෂේනුකාට zවැඩZ ඉගැන්වීම සඳහා ය. ඇය සමග හමීඩ්ගේ අනුහසින් සුලූ සේවක තනතුරු සඳහා පැමිණි අනෙත් අය වන්නේ අමුණුගම, රංජිත් උයන්ගොඩ, ඩබ්ලිව් සෙනවිරත්න, තිස්ස විෙජ්රත්න සහ රණරාජාය. පිරිමි අයට ෂේනුකාගේ කාර්යය කළ නොහැකි නිසා ඔවුන් වැඩියෙන් සේවය කෙළේ හමීඩ්ගේ ගෙදර කුස්සිය පැත්තේය.

වසරකට පසු හමීඩ් තම බලය පාවිච්චි කොට මෙම පිරිස විදේශ සේවය සඳහා බඳවා ගන්නේ සියලූ බඳවා ගැනීමේ පටිපාටීන් උල්ලංඝණය කරමිනි.

එම අවස්ථාවේ ෂේනුකාට වයස පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවීම නිසා ඇය දැනට ඇගේ විදේශ අමාත්‍යංශයේ පෞද්ගලික ලිපි ගොනුවේ ඇති හොර උප්පැන්න සහතිකය ඉදිරිපත් කර තිබේ. එම සහතිකයේ පිටපතක් හිටපු විදේශ සේවා නිලධාරියකු සන්තකයේ ඇත. ඇගේ සේවා කාළය තුළදී සිටි හිටපු අමත්‍යවරුන් වන කදිරගාමර් සහ රෝහිත බෝගොල්ලාගමට පිට රට යන විට ඇය නැතිවම බැරි වස්තුවකි. බොහෝ අය ඇය හඳුන්වන ලද්දේ පිටරට රහස් ඔත්තුකාරියක වශයෙනි. ඇය බොහෝ වරදාන ලබා ගන්නේ යුරෝපයේ රටවල් වලිනි. ඒ රට විකිණීමෙනි.

ඇය ලන්ඩනයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වශයෙන් කටයුතු කළ අවදියේ නාමල් බේබි බලා ගැනීම නිසා සහ වරින් වර ලන්ඩනයට එන සජින්වාස්ට කෑලි සප්ලයි කිරීම නිසා ඇයට ලන්ඩනයේ මහකොමසාරිස්වරිය වීමට වාසනාව ලැබුණාය. ඇය එම තනතුර දරණ විට කරන ලද නොපනත්කම් බොහෝය. ලන්ඩන් හි ශී්‍ර ලංකා මහකොමසාරිස් නිල නිවස අත යට ගනුදෙනුවක් මත කුණු කොල්ලයට විකුණන්න තැත් කෙළේය. තානපති නිල නිවස වසා දමා තම හිතවත් සුද්දකුගේ නිවසක කුලියක් නොගෙවා වාසය කරමින් එම කුලිය සාස්කුවේ දමා ගත්තාය. ජිනීවා සිටි අවදියේදී ඇය ද්‍රවිඩ සංවිධානවලට අවශ්‍ය කරන ආකාරයට කටයුතු කළ අතර ලංකාව වෙනුවෙන් කිසිවක් කෙළේ නැත. එදා ඇගේ ජාතිද්‍රෝහී කටයුතුවලට උදව් කළ ජව්හර් නැමති නිලධාරියා ඇය ලේකම් වනවාත් සමගම අමාත්‍යංශයේ විදේශ තානාපති පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස අමුණුගමගේ ගෝලයා වන කපිල ජයවීර පන්නා දමා පත් කර ගන්නා ලදී. ජව්හර් නැමැත්තාට ඇත්තේ කුණු ගඳ ගහන අතීතයකි. ජිනීවා නුවර සේවය කරන විට ලක්ෂ ගණන් මුදල් ගෙන එල්ටීටී සමාජිකයින්ට හොර ගමන් බලපත්‍ර දුන්නේ ඔහුය.

ෂේණුකා සෙනෙවිරත්න විශ්‍රාම යා යුත්තේ 2020 ජූලි මස 20 වන දිනයි. එහෙත් ඒ කාලය වන විට ඇයට රටත් පාවාදී මරාවාදීන්ට විදේශ අමාත්‍යංශය සින්නක්කරවම ලියා දිය හැක. ඇයට ජාතියක් ජම්මයක් නැත. ඒ නිසා ඕනෑම කූජිත වැඩක් කිරීමට ඇය සූදානම්ය. මරාට අවශ්‍ය එවන් උදවියයි. විදේශ සේවයට දෙවියන්ගේ පිහිටය. අටකලංපන්නේ බංඩාගේ සහ යාපනයේ සිවදාසන්ගේ දුවට හෝ පුතාට මින් පසු විදේශ සේවය තහනම් රැකියාවක් වනු නියත ය.