මාතර ‘දැයට කිරුළ’ නාඩගම

මාතර ‘දැයට කිරුළ’ නාඩගම රුහුණ සරසවියට ලැබුන ආධාරය කොල්ල කන්න බැරිවීමේ වේදනාවට කරපු එකක්. මාතර නගරාධිපතිගේ කටින් සත්‍යය හෙලිවේ.
            

        ‘දැයට කිරුළ - 2015’ ප‍්‍රදර්ශණය රුහුණ විශ්ව විද්‍යාලය මුල්කර ගනිමින් පවත්වන්නට ගොස් එය අත්හැර දැමීමට සිදුවීමෙන් පසු ඊනියා ගම්වාසීන්ගේ විරෝධය සම්පූර්ණ බොරුවක් බවත්, සැබෑ තත්වය නම් ගම්වාසීන් පමණක් නොව මේ රටේ නිදහස් අධ්‍යාපනයට ආදරයක් ඇති කවරෙකු වුවද සිදුකල යුත්තතේ ‘දැයට කිරුළ’ රුහුණ විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට එරෙහිව සටන් කිරීම බවත් මාතර මහා නගර සභාවේ ජුනි 10දින පැවැති සභා රැුස්වීමේ දී විපක්‍ෂ නායක උපුල් නිශාන්ත මහතා පැවසීය.

    රුහුණ විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා විශාල ආධාරමුදලක් ලැබී ඇති බවත්, ධීවර කටයුතු සම්බන්ධ උපාධි පාඨමාලාවක් ඇති ලංකාවේ එකම විශ්ව විද්‍යාලය වශයෙන් ඒ අනුව කුඩා වරායක ආකෘතියක් පවා ඉදිකිරීමට යෝජිත බවත් ආණ්ඩුව සූදානම් වන්නේ එම මුදල් වලින් රජයේ පම්පෝරිය ගැසීමට බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරු කලබලවූයේ අද ජනප‍්‍රියම තේමා පාඨය අනුව ‘‘විශ්ව විද්‍යාලය හදමු - විශ්ව විද්‍යාලයෙන් හැදෙමු’’ කටයුතු කිරීමට ඉඩ නොලැබීමෙන් බවත් කී විපක්‍ෂ නායක වරයා තමන් කියන්නේ බොරු නම් මේ සභාවේ එ් බව ඔප්පුකරන ලෙසින් ද අභියෝග කලේය.

    මෙයට පිළිතුරු දුන් මාතර නගරාධිපති සොසීන්ද්‍ර හ`දුන්ගේ මහතා ප‍්‍රකාශ කලේ විපක්‍ෂ නායක වරයාගේ ප‍්‍රකාශයේ සත්‍යයක් ඇති බවයි. රුහුණ සරසවියේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක කැනේඩියානු ආධාර මුදලක් මේ වන විට ලැබීඇති බවත් දැයට කිරුළ ප‍්‍රදර්ශනයට විශාල මුදලක් වැයවන බැවින් එම මුදල් ද යොදා ගනිමින් කටයුතු කිරීමට අපේක්‍ෂා කලබවත් පැවසීය. මෙය මැති ඇමති වරුනගේ තනි කැමැත්තට සිදු නොකල අතර ‘දැයට කිරුළ’ මූලික සාකච්ඡුාවේ දී මෙම යෝජනාව ගෙන ආවේ රුහුණ සරසවියේ උප කුලපතිවරයා බවත්, විනාඩි තිහක් වෙන්කර ගනිමින් ඔහු කරුණු ඉදිරිපත්කල බව කී නගරාධිපති වරයා ශිෂ්‍යයින් ගේ කැමැත්තක් ලැබේදැයි තමන් විමසූවිට උප කුලපතිවරයා ප‍්‍රකිශකලේ ‘තමන් සිසුන්ට වගනොකියන බවත්, තමන් වගකියන්නේ තමන්ට වඩා ඉහලින් ඇති ආයතන 03ට පමණක් බව’ යැයි ද වැඩි දුරටත් සඳහන් කලේය.