FARCE;- ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි.

හර්ෂි සි. පෙරේරා
මෙය ලොකුම විහිලුවයි. බුදුන්ගේ උප්පැන්න සහතිකයේ උපන් ස්ථානය වැරදියට ලියවී ඇත්ද? ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි යනුවෙන් ත්‍රිරෝද රථවල ස්ටිකර අලවා ඇත. අපි රවට ගන්නේ අපවමය. නොබෝදා අත්අඩංගුවට ගෙන රදවා තබා ලිංගික හින්සනයටද ලක් කල රටින් ආපසු යැවු පච්චය අතේ කොටා ගත් සුදු කත ලංකාවේ බලධාරීන්ට එරෙහිව මිලියන 10 ක් ඉල්ලා නඩු පවරා තිබේ. මේ අබියෝග කිරීම හොදය. මක්නිසාද රට මිත්‍යාවක් කරා ගමන් කරමින් තිබෙන බැවිනි. රටේ මස් කඩවල සහ මාළු කඩවලද බුද්ධ ප්‍රතිමා තබා මල් පහන් පුජා කරනු දක්නට ලැබේ. එහෙත් කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත. නෙලුම් මලේ බුද්ද පවිත්‍රත්වය ගැන කතා කරන හසන්තගේ දොරමඩලාවද මේවා විචාරයට බදුන් කරන්නේ නැත. අනාගත පරපුරද වැඩිහිටි පරපුරේ මෙම මිත්‍යාව බොරුව සහ විහිළුව අනුගමනය කරනු ඇත. එවිට ඔවුන්ට ශ්‍රී දළදා ගමනයම පෙන්වමින් තවදුරටත් අපයෝජනයට ලක් කල හැක. මේ මිත්‍යාව විහුලුව පවතින රටක නීතිය මත පාලනය, මානව හිමිකම්, යහ පාලනය, කොතෙක් දුරට ස්ථාපිත කල හැකිද? රටේ ජනාධිපති නීතියට පහලින් සිටින බව කීවිට කීදෙනෙක් පිළිගනු ඇත්ද?