රාජපක්ෂ හූ හූ ..... ලොක්කා ... කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ!!

ලෝක තරුණ සමුළුවට පැවැත්වෙන අවස්ථාවේදී විශ්වවිද්‍යාල සිසුන් ඊයේ පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ම ට්විටර් සමාජ වෙබ් අඩවිය ඔස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත යොමුවුව ද ඔහු ඊට පිළිතුරු ලබා දී නොමැත.

“ග්‍රවුන්ඩ් වීව්ස්” වෙබ් අඩවියට අනුව ට්විටර් අඩවිය ඔස්සේ ප්‍රශ්න 1300කට අධික ප්‍රමානයක් ජනාධිපතිවරයා වෙත යොමුවූ අතර ඔහු පිළිතුරැ ලබාදී තිබුනේ ප්‍රශ්න 24කට පමණි.


ට්විටර් ප්‍රශ්න මාලාවේ වඩාත්ම අවධානයට ලක්වූ එහෙත් පිළිතුරු නොලැබූ ප්‍රශ්න අතර බී බී සී මාධ්‍යවේදියා විසින් නැගූ ප්‍රශ්න ද විය.

වෙනත් ප්‍රශ්න වලට පිළිතුරු

ලෝක තරුණ සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා පැවැත්වූ සංවාදයේ දී නැගුණු වෙනත් ප්‍රශ්න කිහිපයකට ඔහු විසින් පිළිතුරු දී තිබුණි.

විශ්වවිද්‍යාල සිසුන්ට දැනට ලබා දෙන රුපියල් 2500 මහපොළ ශිෂ්‍යත්වය ඉහළ නැංවීමට අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

2006 වසරේ සිට ලබාදෙන රුපියල් 2500 ක දීමනාවේවැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි දැය විමසු විට ජනාධිපතිවරයා පැවසුවේ සැලකිය යුතු වැඩි වීමක් කිරීම සදහා අවධානය යොමුවී ඇති බවයි.


පවතින රැකියා අවස්තාවන් ගෙන් 3% ආබාදිත තරුණයන් සඳහා වෙන් කිරීමටත් රුපියල් 250,000ක නිවාස ණයක් ඔවුනට ලබාදීමටත් රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අබාදිත තරුණයන් පිලිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
රැකියා වෙළදපොලට අවශ්‍ය ආකාරයට නිපුණතා ඇති පිරිස් බිහිනොකිරිම ද, ඇතැම් වැරදි මත නිසා තරුණ තරුණියන් රැකියා ඇති අංශ තෝරා නොගැනීම ද විරැකියාවට හේතුවී ඇති බවයි විරැකියාව පිලිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

'ආගමික ආරවුල් නැහැ'

ආගමික සහජීවනය විනාශ කරන සියළු බලවේග වලට එරෙහිව පියවර ගන්නා ලෙස කර තිබූ ට්විටර් ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට ආගම් පදනම් කොටගත් අරගල කිසිවක් සිදුවී නැති බවයි.
එවැනි ආගමික සහජීවනය පළුදු කරවන කිසිදු ආකාරයේ ක්‍රියාවකට ඉඩ නොතබන බවත් ඔහු විසින් සඳහන් කර තිබුණි.