ගැලවිජ්ජාවෙන්, මිරර් ගර්ල් නිළියක් වෙයි

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍ය වේදියකු හා  වේදිකා නාට්‍ය නිශ්පාදකයකු වන නිශ්මං රණසිංහ සිය  නවතම නිර්මාණාත්මක කාර්යය ලෙස 'ගැලවිජ්ජාව'  වේදිකාවට ගෙන ඒමට සූදානම් වේ.

අද (22) එහි මුහුරත් උළෙල  කිරුළපන ගන්ධාර ආයතනයේදී පැවැත්වීය. 
මේ නාට්‍ය යේ ලතාගේ චරිතය හරහා අපගේ සහෝදර මාධ්‍යවේදිනී මිරර් ගර්ල් (www.mirrorgirl.lk) වෙබ් අඩවියේ සංස්කාරක වරිය වන හිමාෂි කරුණාරත්න නිළි වරම් ලබා ගැනීමට නියමිතය.

ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක්ද වේ.

මේ නාට්‍ය යේ පසුතල නිර්මාණ නිම වන්නේද හිමාෂි අතින්මවීම විශේෂිතය.

දිගු වේදිකා නාටයක් ලෙස 'ගැලවිජ්ජාව' නිශ්පාදනය වන්න අතර හිමාෂිට අමතරව රංගන පාත්‍ර වර්ගයා ලෙස ප්‍රවීණ නාට්‍යවේදී උදේනි අල්විස්, නිශ්මං රණසිංහ, සුරේෂ් හර්ෂජීව,තික්ෂණ ගම්මන්පිල සහ නිරාෂා එදිරිසිංහ, එක්වන අතර  සංගීතයෙන් අමිල නිදහස දිසානායක, ආලෝක කරණයෙන් වසන්ත කුමාර, අංග රචනයෙන් සුරේෂ් හර්ෂජීව, පසුතල නිර්මාණයෙන් හිමාෂි කරුණාරත්න සහ රංග වස්ත්‍ර නිර්මාණයෙන් නිශ්මං රණසිංහ මීට දායක වෙති.

මෙහි නිශ්පාදන කටයුතු සඳහා  සුදම්ම එස්. පහළගම සහය වේ.

නිශ්මං රණසිංහ මීට පෙර මුළුමනින්ම බන්ධනාගාර ගත පුද්ගලයන් ගේ දායකත්වය සමගින් ' වීරයෝ මරන්න බෑ' යනුවෙන් වූ   ඉතිහාසගත  වේදිකා නාට්‍ය නිශ්පාදන කටයුත්තක් සාර්ථකව නිම කළේය.

අද පැවැති එම උත්සව අවස්ථාවේ  ඡායාරූප




ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන